ඡායාරූපය - ලසන්ත කුමාර
භානුක අමරසිංහ
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක BIOFIN වැඩසටහනේ මූලිකත්වයෙන් මෙරට තුළ පළමුවරට පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කිරීම පසුගියදා සිදු විය.
විශේෂයෙන්ම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලංකා දිවියා ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මෙම වනජීවී පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමය දියත් කෙරී තිබේ. මෙමගින් දිවියන්ට ගොදුරු වීම නිසා පශු සම්පත් අහිමි වන ගොවියන්ට ක්ෂණික මූල්‍ය වන්දි ලබා දෙන අතර, ඒ හරහා එම ගොවීන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදු කරන දිවියන් මරා දැමීම් වළක්වා ගැනීම අරමුණයි. වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ, වන ජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) හා LOLC රක්ෂණ සමාගමේ දායකත්වයෙන් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
“මෙහිදී දිවියකුට ගොදුරුවීමකින් පශු සම්පත් අහිමිවීමක් සිදු වුවහොත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගොවීන්ට WNPS හි ප්‍රාදේශීය නිලධාරියකුට වාර්තා කරන්න පුළුවන්. ඉන් පසුව වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය සහ ග්‍රාම නිලධාරීන් සමග සහයෝගයෙන් කඩිනමින් සත්‍යාපනයක් සහ තක්සේරුවක් සිදු කරනවා. සුදුසුකම් තහවුරු කළ බව පැය 72 ක් තුළ වන්දි මුදල ඍජුවම ගොවියා වෙත යොමු කරනවා’’ යනුවෙන් WNPS ආයතනය පවසයි.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ පිරිවැය ආවරණය කිරීම UNDP සහ BIOFI මගින් සිදු කරයි. LOLC රක්ෂණ සමාගම එම යෝජනා ක්‍රමය සඳහා රක්ෂණ සැපයුම්කරු ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
UNDP මූලිකත්වයෙන් පළමුවරට පශු සම්පත් රක්ෂණ යෝජනා ක්‍රමයක්