
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන Techno ප්‍රදර්ශනය වෙනුවෙන් යළිත් වරක් එම ආයතනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව SLT-MOBITEL මෙවරත් Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු ප්‍රදර්ශනය ලෙස සැලකෙන Techno ප්‍රදර්ශනය මෙවරිසුහුරු දේශයක් සඳහා ඉංජිනේරුකරණය’ (‘Engineering for a Smart Nation) යන තේමාව යටතේ පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය රට තුළ ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාව අනාගත තාක්ෂණික අභියෝගවලට සූදානම් කරවීම අරමුණු කරගත් ඉංජිනේරු හා තාක්ෂණික නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා සුදුසුම වේදිකාවක් ලෙස සැලකේ.
ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේදී SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙත අනුග්‍රාහකත්ව චෙක්පත ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවටSLT-MOBITEL ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතාද එක් විය.
Techno 2025 ප්‍රදර්ශනය 2025 ඔක්තෝබර් 10 සිට 12 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. එහිදී SLT-MOBITEL විසින්ද නවතම තාක්ෂණික විසඳුම් සහ ඩිජිටල් නවෝත්පාදන රැසක් ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, මෙය තාක්ෂණ හා සම්බන්ධතා ක්ෂේත්‍රවල අනාගතය දැකගැනීම සඳහා මෙරට ජනතාවට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.
2025 දෙසැම්බර් මස 18
560
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Techno ප්‍රදර්ශනයේ මෙවරත් ප්‍රධාන අනුග්‍රාහකයා SLT-MOBITEL