දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන්  ලංකාවේ බොහෝ ප්‍රදේශ දැඩි ලෙස බලපෑම් ලැබූ අතර, එයට දක්වන මානුෂීය ප්‍රතිචාරයක් ලෙස Tata Group, ChildFu සහ  DIMO සමග එක්ව රට පුරා බලපෑම් ලැබූ දහස් ගණනක් පාසල් දරුවන්ට සහය වීමට වැඩසටහනක් දියත් කරනු ලැබීය.

ලංකාවෙන් ලැබුණු දත්ත පදනම් කර, 2025 දෙසැම්බර් මාසයේ දී සිදු කරනු ලැබූ හදිසි අවශ්‍යතා හඳුනා ගැනීමකින් අනතුරුව Tata Group හට අයත් සමාගම් සමග එක්ව මෙම සහන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය. 

මෙම වැඩසටහන යටතේ, ආපදාවට පත් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ඇතුළත් බෑග් ලබාදෙන ‘Hope in a Backpack’  වැඩසටහන කොළඹ Taj Samudra හෝටලයේ දී Tata Group විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ,  Tata Sons  හි Group Chief Sustainability Officer චාකෝ තෝමස් සහ ක්‍යසකාත්‍මබා හි ChildFund අදීති ඝෝෂ් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම වැඩසටහන DIMO හි ‘Lassana Hetak’ සමාජ සත්කාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ අතර, අනාගත පරපුරට යහපත් හෙට දවසක් උදාකර දීම එහි මූලික අරමුණ වේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා Tata සහDIMO  සේවක මහත්ම මහත්මීහු ද ස්වේච්ඡාවෙන් එක්ව, පාසල් උපකරණ බෑග් සකස් කිරීම හා බෙදාහැරීමේ කටයුතුවල නිරත වූහ. එම අවස්ථාවේ දී විශේෂයෙන් ආරාධනා කළ පාසල් දරුවන් වෙත ද එම බෑග් පිරිනමන ලදී.

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දැක්වූ DIMO හි සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “Tata Group සහ ChildFund සමග එක්ව මෙම සමාජ සත්කාර වැඩසටහනට දායක වීමට ලැබීම පිළිබඳව DIM අපි බෙහෙවින් සතුටු වෙනවා. 

Tata  සමග අපගේ හවුල්කාරිත්වය දශක හයකට වැඩි කාලයක් පුරා විශ්වාසය, ව්‍යාපාරික ආචාරධර්ම සහ සමාජයට වටිනාකමක් එක් කිරීම යන පොදු වටිනාකම් මත ගොඩනැගී තිබෙනවා. ව්‍යාපාරික සබඳතාවකින් ඔබ්බට ගොස් සමාජය කෙරෙහි සැබෑ වෙනසක් ඇති කරන මෙවැනි වැඩසටහන් සඳහා එක්වීම අපට ගෞරවයක්. මෙම වැඩසටහනෙන් ආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට නැවත විශ්වාසයෙන් යුතුව පාසල් ජීවිතය ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමටත්, ප්‍රජාවන්ගේ යථා තත්වයට පත්වීමේ ක්‍රියාවලියට දායක වීමටත් හැකි බව අප විශ්වාස කරනවා.

මෙම දිස්ත්‍රික් මට්ටමේ බෙදාහැරීමේ වැඩසටහන, සමස්ත වශයෙන් සිසුන් 27,000කට ආසන්න පිරිසක් ඉලක්ක කරමින්, කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 101ක සිසුන් 8,000කට අධික පිරිසකටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 54ක සිසුන් 5,000කට ආසන්න පිරිසකටත්, බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 77ක සිසුන් 11,000කට අධික පිරිසකටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා අනෙකුත් ප්‍රධාන කටයුතු සඳහා සහාය ලබා දෙමින් ද දියත් කරනු ලැබීය.