ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයකු වන TVS Motor Company (TVSM)” ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. ඒ අනුව TVS iQube විවිධ පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින් මිලදී ගත හැකිය.
පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහනයේ පුරෝගාමියකු ලෙස, TVS නව්‍ය, විශ්වාසදායක සහ ආකර්ෂණීය වාහන නිපදවමින් විදුලි වාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ස්ථිරව කැපවී සිටියි. මෙම කැපවීම TVS Lanka සමඟ බැදූණු ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් මගින් තවදුරටත් වැඩි දියුණු කර ඇත. TVS iQube හි නව 2.2 kWh බැටරි මාදිලිය සැලසුම් කර ඇත්තේ විදුලි වාහන ක්ෂේත්‍රය පුළුල් කිරීමට සහ පාරිභෝගිකයන් සඳහා අඩු පිරිවැයක් ඇති ගුණාත්මක යතුරුපැදියක හිමිකම ලබාදීමටය.
ප්‍රධාන මූලධර්ම තුනකින් ආභාසය ලබා ඇති TVS iQube , තාක්ෂණය, පහසු සහ ඉක්මන් ආරෝපණය සහ මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට වැඩි මාදිලි පරාසයක් ලබා දීමටත්, වාහන ආරක්ෂක ක්‍රම සමග උසස් අත්දැකීමක් ලබාදීමටත් භාවිතයට පහසු විශේෂාංග හරහා පාරිභෝගිකයන්ට හොඳ අත්දැකීමක් ලබාදීමටත් කැපවී සිටියි.
මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් TVS මෝටර් සමාගමේ විදුලි වාහන ජාත්‍යන්තර ව්‍යාපාරයේ උප සභාපති මධු ප්‍රකාශ් සිං මහතා මෙසේ පැවසීය. “TVS iQube දියත් කර මාස කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ එය ප්‍රචලිත වෙමින් පැවතීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙය TVS හි නව්‍ය සහ විශ්වාසනීය විදුලි වාහන විසඳුම් කෙරෙහි අපගේ පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ශක්තිමත් කරනවා. ලෝකය පුරාම TVS iQube තෘප්තිමත් පාරිභෝගිකයන් ලක්ෂ 4ක ළඟා කරගෙන ඇති අතර, තිරසාර ප්‍රවාහන විකල්පයක් ලෙස එහි සාර්ථකත්වය අවධාරණය කරනවා. ගෘහස්ත විදුලියෙන් වේගවත්ම ආරෝපණය කිරීම, පැය දෙකකට අඩු කාලයකදී සියයට 0-80 ආරෝපණයක් ලබා ගැනීම, සැලකිය යුතු අඩු ධාවන පිරිවැයක් නිසාම මෙම නිෂ්පාදනය වැඩි පහසුවක්, දැරිය හැකි මිලක් සහ අසමසම ධාවන අත්දැකීමක් ලබා දීමට නිර්මාණය කර ඇත.
නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් TVS Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ පැවසීය. “ TVS Lanka හි අප TVS iQube කෙටි කාලයක් තුළ ලබාගෙන ඇති ප්‍රතිචාරය පිළිබඳව සාඩම්බරයට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ විදුලි යතුරුපැදි වැඩිවෙමින් පැවතීම රට තිරසාර සංචලනය වෙත මාරුවීමේ හොඳ සලකුණක් වන අතර, මෙම සංක්‍රාන්තිය වේගවත් කිරීමට අප කැපවී සිටිනවා.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
TVS මෝටර් සමාගමෙන් iQube 2.2 kWh විදුලි යතුරුපැදි