IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


TVS මෝටර් සමාගමෙන් iQube 2.2 kWh විදුලි යතුරුපැදි

ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයකු වන TVS Motor Company (TVSM)” ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය රු. 799,000 ක හඳුන්වාදීමේ මිලකට ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. ඒ අනුව TVS iQube විවිධ පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින් මිලදී ගත හැකිය.

පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහනයේ පුරෝගාමියකු ලෙස, TVS නව්‍ය, විශ්වාසදායක සහ ආකර්ෂණීය වාහන නිපදවමින් විදුලි වාහන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ස්ථිරව කැපවී සිටියි. මෙම කැපවීම TVS Lanka සමඟ බැදූණු ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් මගින් තවදුරටත් වැඩි දියුණු කර ඇත. TVS iQube  හි නව 2.2 kWh බැටරි මාදිලිය සැලසුම් කර ඇත්තේ විදුලි වාහන ක්ෂේත්‍රය පුළුල් කිරීමට සහ පාරිභෝගිකයන් සඳහා අඩු පිරිවැයක් ඇති ගුණාත්මක යතුරුපැදියක හිමිකම ලබාදීමටය.

ප්‍රධාන මූලධර්ම තුනකින් ආභාසය ලබා ඇති TVS iQube , තාක්ෂණය, පහසු සහ ඉක්මන් ආරෝපණය සහ මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට වැඩි මාදිලි පරාසයක් ලබා දීමටත්, වාහන ආරක්ෂක ක්‍රම සමග උසස් අත්දැකීමක් ලබාදීමටත් භාවිතයට පහසු විශේෂාංග හරහා පාරිභෝගිකයන්ට හොඳ අත්දැකීමක් ලබාදීමටත් කැපවී සිටියි.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් TVS මෝටර් සමාගමේ විදුලි වාහන ජාත්‍යන්තර ව්‍යාපාරයේ උප සභාපති මධු ප්‍රකාශ් සිං මහතා මෙසේ පැවසීය. “TVS iQube  දියත් කර මාස කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ එය ප්‍රචලිත වෙමින් පැවතීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙය TVS හි නව්‍ය සහ විශ්වාසනීය විදුලි වාහන විසඳුම් කෙරෙහි අපගේ පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය ශක්තිමත් කරනවා. ලෝකය පුරාම TVS iQube  තෘප්තිමත් පාරිභෝගිකයන් ලක්ෂ 4ක ළඟා කරගෙන ඇති අතර, තිරසාර ප්‍රවාහන විකල්පයක් ලෙස එහි සාර්ථකත්වය අවධාරණය කරනවා.   ගෘහස්ත විදුලියෙන් වේගවත්ම ආරෝපණය කිරීම, පැය දෙකකට අඩු කාලයකදී සියයට 0-80 ආරෝපණයක් ලබා ගැනීම, සැලකිය යුතු අඩු ධාවන පිරිවැයක් නිසාම මෙම නිෂ්පාදනය වැඩි පහසුවක්, දැරිය හැකි මිලක් සහ අසමසම ධාවන අත්දැකීමක් ලබා දීමට නිර්මාණය කර ඇත.

නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වමින් TVS Lanka හි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා මෙසේ පැවසීය. “ TVS Lanka හි අප TVS iQube කෙටි කාලයක් තුළ ලබාගෙන ඇති ප්‍රතිචාරය පිළිබඳව සාඩම්බරයට පත් වෙනවා. ශ්‍රී ලංකාවේ විදුලි යතුරුපැදි වැඩිවෙමින් පැවතීම රට තිරසාර සංචලනය වෙත මාරුවීමේ හොඳ සලකුණක් වන අතර, මෙම සංක්‍රාන්තිය වේගවත් කිරීමට අප කැපවී සිටිනවා. 



අදහස් (0)

TVS මෝටර් සමාගමෙන් iQube 2.2 kWh විදුලි යතුරුපැදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site