IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


TGL GemLab ලොව පළමු Cat’s Eye Xenotime මැණික එළි දක්වයි

ගෝලීය මැණික් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලොව මෙතෙක් හඳුනා ගෙන ඇති පළමු Cat’s Eye Xenotime මැණික රත්නපුර කුරුවිට ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. කැරට් 38.88ක් බර එය දුඹුරු මිශ්‍ර කොළ පැහැයකින් යුක්ත වන අතර සුවිශේෂ බළල් ඇස් ආචරණයක් පෙන්නුම් කරයි. Xenotime වර්ගයේ මැණික්වල බළල් ඇස් ආචරණයක් තිබීම අතිශයින් දුර්ලභ සිදුවීමකි. ලොව පුරා මැණික් විශේෂඥයන්ගේ අවධානය දිනූ මෙම මැණික දුර්ලභ සහ විශිෂ්ට ගණයේ මැණික් සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රසිද්ධිය තීව්‍ර කරයි.

මෙම මැණික හඳුනා ගෙන වර්ගීකරණය කළේ මෙරට ප්‍රමුඛතම මැණික් විද්‍යාගාරය වන TGL GemLab නිර්මාතෘ ආචාර්ය කසුන් ජී. මැදිවිල ය. කසුන් ජී. මැදිවිල සහ මැණික් ව්‍යාපාරිකයකු හා මැණික් විශේෂඥයකු වන ජී. ඩී. නන්දන එදිරිසිංහ විසින් මෙම මැණික සොයා ගනු ලැබ TGL GemLab වෙත භාර දෙන ලදී. ලොව විශාලම Serendibite මැණික සහ වසර 160කට පසු ශ්‍රී ලංකාවෙන් සොයා ගත් පළමු Samarskite මැණික එදිරිසිංහ මහතාගේ සොයා ගැනීම් අතර වේ. කඩුවෙල මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානයේ නලීන් ජයසිංහ වැඩිදුර පර්යේෂණ කළේය. ජාත්‍යන්තර වශයෙන් සත්‍යාපනයට මෙම මැණික ජාත්‍යන්තර ඛනිජ විද්‍යා සංගමය (IMA) සහ ඇමරිකාවේ මැණික් විද්‍යා ආයතනය (GIA) වෙත යවා තිබේ. වටිනාකම සහ දුර්ලභභාවය නිල වශයෙන් පිළිගැනීමට ලක් වුණොත් මෙය ලෝකයේ දැනට හඳුනා ගෙන ඇති එම වර්ගයේ පළමු මැණික ලෙස වාර්තා අතරට එක් වේ. 

Xenotime වර්ගයේ මැණික් මූලික වශයෙන් yttrium orthophosphateවලින් (YPO₄) සමන්විත වේ. එර්බියම්, ඩිස්ප්‍රෝසියම් සහ යිටර්බියම් එහි වර්ණ සංයෝජනයට සහ දෘශ්‍ය ලක්ෂණවලට හේතු වේ. 



අදහස් (0)

TGL GemLab ලොව පළමු Cat’s Eye Xenotime මැණික එළි දක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site