IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


Sumathi IT මෙරට ප්‍රථම වරට DJI Dock 3 හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භූ අවකාශ ඉංජිනේරු විසඳුම් (GES) සපයන්නා සහ සුමති හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Sumathi Information Technologies විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව සහ කෘෂිකර්මාන්ත ඩ්‍රෝන යානා සඳහා බලයලත් අලෙවිකරු වශයෙන්, මෙරට ප්‍රථම වතාවට DJI Dock 3 - ඩ්‍රෝන යානා පද්ධතිය පසුගියදා The View - Waters Edge හීදී එළිදැක්වූ අතර එම අවස්ථාවට රජයේ හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියෝජිතයන් 180 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම නවතම තාක්ෂණික එළිදැක්වීමත් සමගින් ජාතික වශයෙන් වැදගත් වන කර්මාන්ත සඳහා ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේ නව පරිච්ඡේදයක් සනිටුහන් වූයේ ය. 
DJI විසින් නිර්මාණය කළ Dock 3 යනු අවම මිනිස් මැදිහත්වීමක් සහිත මුළුමණින්ම ස්වයංක්‍රීය හා දුරස්ථ පියාසර මෙහෙයුම් සඳහා භාවිත කළ හැකි නූතන පරම්පරාවට ගැළපෙන ඩ්‍රෝන යානා උපාංගයක් වන අතර මෙය හඳුන්වා දීමෙන් විවිධ ක්ෂේත්‍රවල පුළුල් පරාසයක භාවිත කළ හැකි ආකාරය මනාව පෙන්නුම් කළේ ය. මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරකම්, ආපදා හදිසි ප්‍රතිචාර සහ රථවාහන කළමනාකරණය යනාදී අංශ සඳහා කඩිනමින් යොදා ගැනීමට මෙම DJI Dock 3 ඩ්‍රෝන යානාවලට හැකියාව පවතී. එමෙන්ම භූමි මැනීම්, සිතියම්ගත කිරීම්, ආපදා කළමනාකරණ හා මුදා ගැනීමේ මෙහෙයුම්, රථවාහන මෙහෙයුම්, වැවිලි කටයුතු සහ සතුන්ගේ ජීවන රටා වැනි කාර්යයන්හි දී අඛණ්ඩ අධීක්ෂණයකින් යුතු ඉහළ දායකත්වයක් ලබා දෙයි
මෙම එළිදැක්වීමේ අවස්ථාවට එක්වූ Sumathi Holdings හි විධායක අධ්‍යක්ෂ චදු සුමතිපාල මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘අප හඳුන්වා දුන් මෙම DJI Dock 3 හරහා සම්ප්‍රදායික යන්ත්‍රෝපකරණවල සීමා අතික්‍රමණය කරමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා. 
මෙහිදී අදහස් දක්වමින් Sumathi Holdings - IT Cluster හි ප්‍රධාන විධායක නිලධාරී චන්දිම වික්‍රමතුංග මහතා පැවැසුවේ මෙවැන්නකි. ‘‘Sumathi IT හි අපගේ දැක්ම වන්නේ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන නවෝත්පාදන විසඳුම් සමඟ සන්නද්ධ කරමින් රටේ ප්‍රගතිය තවදුරටත් ඉදිරියට රැගෙන යාමයි. ඒ සඳහා අපගේ මෙම DJI Dock 3, ඉහළ තාක්ෂණික හැකියාව සමගින් සක්‍රීය දායකත්වයක් ලබා දීමට සූදානම් කර තිබෙනවා’’ 
නව ඩ්‍රෝන් තාක්ෂණය භාවිතයෙන් විදුලි රැහැන්, දුම්රිය මාර්ග, නළ මාර්ග, පාලම් සහ ටෙලිකොම් කුලු‍නු වැනි යටිතල පහසුකම් වඩාත් වේගවත්ව සහ නිවැරදිව පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙන අතර, නාගරික කළමනාකරණය සඳහා ද වඩාත් සැලසුම් සහගත දැක්මක් ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ. තවද මෙම ඩ්‍රෝන් පද්ධතිය හරහා වනාන්තර, වෙරළබඩ ප්‍රදේශ සහ ස්වභාවික සම්පත් නිරීක්ෂණය කිරීමට ද මනා පහසුවක් සැලසීමෙන් රටපුරා සංරක්ෂණ කටයුතු ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වනු ඇත. 

 



අදහස් (0)

Sumathi IT මෙරට ප්‍රථම වරට DJI Dock 3 හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 389 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 441 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site