IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


Spa Ceylon තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක් දිනා ගනී

 

  • නව තාක්ෂණය මුසු කළ SeaVeda සහ ForestVeda Wellness Collections දෙකත් හඳුන්වා දෙයි

ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon, පසුගියදා එක්සත් රාජධානියේ පැවති Natural & Organic Beauty Innovations Awards 2025 හිදී අපේ රටට තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක් ගෙන එන්නට සමත් විය. Natural & Organic Products Expo 2025 දී අලු‍තින්ම හඳුන්වා දුන් ForestVeda Soothing & Calming Balm වෙනුවෙන් The Best New Personal Care Product සම්මානයත් තවත් අංශ 4 කින් අවසන් වටය සඳහා සුදුසුකම් ලබන්නටත් හැකියාව ලැබී තිබේ.

The Natural & Organic Beauty Innovation Awards තුළින් හොඳම නව නිෂ්පාදන හඳුනාගෙන ඒවා ඇගයීමට කටයුතු කරන අතරම, නවෝත්පාදනය, තිරසාර බව සහ විශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී සිටින ස්වභාවික හා කාබනික රූපලාවණ්‍ය කර්මාන්තයේ හොඳම නව නිෂ්පාදන ඇගයීම සිදු කරයි. මේ කීර්තිමත් සම්මාන මගින් Clean Beauty සංකල්පය සඳහා නව ප්‍රමිති සකස් කරන සන්නාම තවත් දිරිමත් කරනු ලබයි. 

මෙහිදී Spa Ceylon ආයතනය ජාත්‍යන්තරව ප්‍රසිද්ධ තාක්ෂණයේ ආභාසය ලැබූ නව තාක්ෂණික Wellness Collections දෙකක් වන SeaVeda සහ ForestVeda යන නවතම නිෂ්පාදන මේ උත්සවයේ දී එළිදැක්වීමත් සිදුවිය. නව්‍ය සහ ජාත්‍යන්තරව අධ්‍යයනය කරන ලද MARINE THERAPY තාක්ෂණය මුසු කරගනිමින් ආයුර්වේදයේ සහ නවීන විද්‍යාවේ එකතුව පෙන්නුම් කරන SeaVeda Range එක, සාගර වාතයේ ඇති සුව කරන ස්වාභාවික සංයෝග අඩංගු නිෂ්පාදන පෙළකි. 

ForestVeda Range එක ගස්වල ඇති ස්වාභාවික ශාක සංයෝග අනුකරණය කරමින් ජාත්‍යන්තරව පරීක්ෂා කරන ලද FOREST THERAPY තාක්ෂණය භාවිත කර සුව කිරීමේ සහ ප්‍රබෝධමත් බවක් ලබා දෙන නිෂ්පාදන පෙළකි.

අපේ රටේ වටිනා ආයුර්වේද ඖෂධ පැළෑටි සහ Essential Oils සමග එක්ව සෑදුණු SeaVeda නිෂ්පාදන පෙළෙහි ක්‍රියාකාරීත්වය රට වටා ඇති සුන්දර වෙරළවල ප්‍රබෝධවත් සන්සුන් බවක් සහ මනෝභාවය ඉහළ නංවන ශක්තියක් ප්‍රතිනිර්මාණය කර දෙයි. මෙය ආතතිය සමනය කිරීමට, ඉන්ද්‍රියයන් අවදි කිරීමට සහ අභ්‍යන්තර සමතුලිතතාව යථා තත්වයට පත් කිරීමට උපකාරී වේ. ඒ වගේම ForestVeda හි ක්‍රියාකාරීත්වය ඔබව අපේ රටේ සශ්‍රීක නිසංසල වැසි වනාන්තරයක අත්දැකීමක් ගෙන දෙන හැඟීමක් නිර්මාණය කර දෙන අතරම ආතතිය තෙහෙට්ටුව මෘදු ලෙස සමනය කර, කලබලකාරී පරිසරයක තුළ වුවත් මනසට සුව සහනයක් ලබා දෙන්නට උපකාරී වේ.

මෙහිදී තම අදහස් දක්වමින් Spa Ceylon සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය මෙසේ පැවසීය. “මේ අතිශය තරගකාරී Industry එක තුළ, අපි කරන හැම දෙයකදීම අලු‍ත් දෙයක් කරන එක වැදගත් වෙනවා. අපි ඒ කරන අලු‍ත් දේවල්වලට හොඳ පිළිගැනීමක් ලැබෙන එක අපි ඉතාමත් ආඩම්බරයට පත්වෙන කාරණාවක්. ගෝලීය වෙළෙඳපොළ තුළ අපිට මේ අලු‍ත් නිෂ්පාදනවලට හොඳ පිළිගැනීමක් ලැබෙන්නේ නවීන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒ වෙනුවෙන් වසර 5000 ක් පැරණි ආයුර්වේදයේ දැනුම පිළිවෙත් එක්ක නව තාක්ෂණය එක් කළ නිසාවෙනුයි.



අදහස් (0)

Spa Ceylon තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක් දිනා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 72 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site