IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


Sensa Solutions Lanka ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

Sensa Solutions Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානයත් දිනා ගත්තේය.
කළමනකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සහ අධ්‍යක්ෂිකා සසිරු තලංගම වෙත සම්මානය පිරිනමන ලදී. වසර අටක පමණ කෙටි කාල පරිච්ජේදයකදී Sensa Solutions සමාගම මෙරට මුද්‍රණ සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. බියගම පිහිටි ඔවුන්ගේ නිෂ්පාදන අංගනයේ සේවය කරන වෘත්තිකයන් සංඛ්‍යාව 120කට අධිකය. එක්සත් රාජධානියට, යුරෝපා සංගමයට, ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇගැලු‍ම් සන්නාම රැසකට එම සමාගම සේවා සපයයි. වර්තමානයේදී එම සමාගම තේ, ආහාර හා ඖෂධ අපනයන ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දෙමින් තම නිෂ්පාදන කටයුතු පුළුල් කර ඇත. 
Sensa Solutions පුළුල් පරාසයක ලේබල් සහ ඇසුරුම්කරණ විසඳුම් සපයයි. සදාචාරාත්මක සහ තිරසාර නිෂ්පාදන පුරුදුවලට මුල් තැන දෙන එහි මෙහෙයුම් කටයුතු SEDEX/SMETA, Oeko-TEX, ISO, GRS, FSC වැනි ජාත්‍යන්තර සහතික රැසක් ලබා ඇත. ශ්‍රී ලංකාවේ වඩාත් ස්ථාවර සහ ප්‍රේරණදායක තත්ව නිෂ්පාදන සහ සේවාවල ගෝලීය වෙළෙඳපොළේ විශ්වාසනීය සහකරුවකු වීම එම සමාගමේ අපේක්ෂාවයි. එය ඔවුන්ගේ පූර්ණ ව්‍යාපාර දැක්මද වේ. කළමනාකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සඳහන් කළේ මෙම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හා පාරිභෝගිකයා පළමු කොට සැලකීමේ ප්‍රතිඵලයක් බවයි. ඖෂධ, FMCG, අත් වැසුම් හා ඇඟලු‍ම් ආදී කර්මාන්තවල ප්‍රගමනයට දක්වන දායකත්වය තව දුරටත් ඉහළ නංවමින් නව්‍ය හා ගුණාත්මකභාවයෙන් යුතු ඇගලු‍ම් ලේබල් ජාත්‍යන්තර සන්නාම සදහා හඳුන්වා දීම සහ ඒ ආශ්‍රිත මුද්‍රණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනවලට හා අගය එකතු කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාව දෙමින් තම නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම ආයතනයේ දීර්ඝ කාලීන සැලැස්ම බවද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

Sensa Solutions Lanka ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site