IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


SVAT අහෝසිය ඍජු විදේශ ආයෝජනවලට බලපාවි

  • ආයෝජක උනන්දුව පහසු සහ විශ්වාසනීය ව්‍යාපාරික පරිසරයක්, කාර්යක්ෂම නීති පද්ධතියක් සහ ආයෝජක මිත්‍රශීලී බදු ක්‍රියාරාමුවක් වෙතයි
  • අපනයනකරුවන්ගේ අත්‍යවශ්‍ය ද්‍රවශීලතාව ආරක්ෂා කරගැනීමටද SVAT පැවතීම වැදගත් 
  • බදු ආදායම ඉහළ නංවා ගැනීමට රජය වෙනත් විකල්ප වෙත යායුතු බවට අදහසක්

ට්‍රිෂර්මාන් ෆ්‍රින්ක්

ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සරල කළ අගය මත එකතු කළ බදු (SVAT) අහෝසි කිරිමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් අපනයන තරගකාරීත්වය වෙත සහ ආයෝජක විශ්වාසය වෙත බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ කවුන්සිලය පවසයි. ඒ අනුව මෙය රජය සහ ව්‍යාපාර අතර අවිශ්වාසයක් ඇතිවිමට මෙන්ම සැපයුම් දාම සහ ජීවනෝපාය වෙත තර්ජනයක් එල්ල කරනු ඇති බවත් එම කවුන්සිලය වැඩිදුරටත් පවසා සිටියි.

මෙමSVAT අහෝසිය සම්බන්ධයෙන් එම කවුන්සිලයේ සභාපති ට්‍රිෂර්මාන් ෆ්‍රින්ක් විසින් නිකුත් කරන ලද නිවේදනයක් තුළ මෙම කරුණු සඳහන්ව තිබේ. “වර්තමානයේදී ක්‍රියාත්මක බදුකරණ ප්‍රතිපත්තිවල ප්‍රතිසංස්කරණ සහ නවීකරණයන් සම්බන්ධයෙන් අපි අගය කරන අතරතුරදීම, මෙම වෙනස්කම් හරහා ඇතිවිය හැකි බලාපොරොත්තු නොවූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් මෙන්ම ඒ හරහා අපගේ අපනයනකරුවන් වෙත එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පරෙස්සමෙන් බැලිය යුතු වෙනවා. එහිදී පුළුල් ආයෝජන පරිසරය සහ ජාතික ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්.“ යනුවෙන් සභාපතිවරයා පවසා සිටියි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා වන උත්සාහය අතරතුරදීම, ප්‍රතිපත්ති පිළිබඳ පුරෝකථනය කළ හැකිවීම සහ ස්ථාවරත්වය වඩාත් ප්‍රමුඛ බව ඔවුන් පෙන්වා දෙයි. රටක් තුළ පවතින පහසු සහ විශ්වාසය තැබිය හැකි ව්‍යාපාරික පරිසරය, වඩාත් කාර්යක්ෂම නීති පද්ධතියක් පැවතීම සහ ආයෝජක මිත්‍රශීලී බදු ක්‍රියාරාමුවක් පැවතීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයෝජකයන් සෑම විටම උනන්දු වන බවත් එම සංගමය සඳහන් කරයි.

“මෙලෙස SVAT ඉවත් කිරීමත් සමගින්ම ප්‍රතිපත්ති වෙනස්වීම් සම්බන්ධයෙන් වන කලකිරවන පණිවුඩයක් තමයි ලබා දෙන්නේ. එය ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සිදු කිරීම සැඟවුණු පිරිවැයක් සහ අවිනිශ්චිතතාවක් සහිත කටයුත්තක් බවට ඉන් සංඥාවක් ලබා දෙනවා. එවැනි සංඥාවක් අතිශය වැදගත් විදේශීය ආයෝජන සම්බන්ධයෙන් තර්ජනයක් එල්ල කරනවා. විශේෂයෙන්ම අප හා තරගකාරී, වඩාත් නිශ්චිත ප්‍රතිපත්ති සහිත ආර්ථිකයන් මගින් ලබාදෙන අවස්ථා සමගින් තරග කිරීමට අපට සිදු වේවි.“

ශ්‍රී ලංකා නැව්ගතකරන්නන්ගේ කවුන්සිලය පෙන්වා දෙන ආකාරයට මෙමSVAT ක්‍රමවේදය බොහෝ කාලයක් තිස්සේම අපනයනකරුවන් වෙත VAT බදු ගෙවීම සම්බන්ධයෙන් වන බැඳීම ඉවත් කිරීම සඳහා අතිශය වැදගත් උපකරණයක් ලෙස ක්‍රියාත්මකව තිබී ඇත. එසේම එය අත්‍යවශ්‍ය ද්‍රවශීලතාව ආරක්ෂා කරගැනීමටද වැදගත් වී තිබේ.

ඉතාමත් පටු ආන්තික සහිතව සහ විස්තීර්ණ නිෂ්පාදන චක්‍රයක් සහිතව මෙහෙයුම් සිදුකරන අපනයනකරුවන්ට සිය දෛනික මෙහෙයුම් පිරිවැය පවත්වා ගෙන යාම සඳහා මෙන්ම සැපයුම් අඛණ්ඩතාව සහ තිරසාර සේවා නියුක්තියක් පවත්වාගෙන යාමට බාධාවකින් තොරව මුදල් ගලා ඒමක් අවශ්‍ය වන බවත් කවුන්සිලය පවසයි. එහෙත් මෙලෙස SVAT අහෝසි කිරීමත් සමිග්නම අපනයනකරුවන්ට  VAT එම මොහොතේදීම ගෙවීමට සිදුවන අතර, එම VAT බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔවුන් සඳහන් කරයි.

“ඉතාමත් සුළු  VAT  ආපසු ගෙවීම් ප්‍රමාදවීමක් මුදල් ප්‍රවාහ ගලා ඒම වෙත බාධා එල්ල කරාවි. එය මෙහෙයුම් අඛණ්ඩතාව වෙත තර්ජනයක් එල්ල කිරීම සහ ගෝලීය වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය වෙතත් හානි සිදු වේවි.“ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන්ම මෙම අපනයන අංශය තවදුරටත් ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බව පෙන්වා දෙන එම කවුන්සිය එය විදේශ විනිමය ඉපැයීමේ වඩාත් තිරසාර දායකත්වයක් ලබා දෙන බවත් පවසයි. එසේම රැකියා සිය දහස් ගණනක් නිර්මාණයට මෙන්ම පුළුල් සැපයුම් දාම වෙත කැපී පෙනෙන සහයෝගයක් දක්වන්නක් බවත් ඔවුන් සඳහන් කරයි.

“රජය වුණත් මේ අපනයන අංශය පීඩාවට පමුණුවන්නේ නැතිව තමන්ගේ ආදායම් වැඩි දියුණු කරගැනීම සඳහා විකල්ප ක්‍රමවේද පිළිබඳ සොයා යා යුතුයි. එහිදී අපනයනට සහාය දක්වන ක්‍රමවේදයක් ඉවත් නොකරමින් උදාහරණ ලෙස VAT  පරිපාලනය, බදු පදනම පුළුල් කිරීම, බදු පැහැරහැරිම් වළක්වා ගැනීම යනාදිය හරහා එය සිදුකළ හැකියි.“ යනුවෙන් ශ්‍රී ලංකා නැව්ගතකරන්නන්ගේ කවුන්සිලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව ජාතික වැදගත්කමක් ලෙස සලකා මෙම SVAT ඉවත් කිරිම සම්බන්ධයෙන් නැවතත් සිතා බලන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් එම කවුන්සිලය පවසයි. විශේෂයෙන්ම අපනයනකරුවන්ට සහාය ලබාදීම විශේෂ වරප්‍රසාදයක් ලෙස නොසලකා, එය අපගේ ආර්ථිකයේ ජීවනාලිය ආරක්ෂා කිරිමක් ලෙස කල්පනා කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

 



අදහස් (0)

SVAT අහෝසිය ඍජු විදේශ ආයෝජනවලට බලපාවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 529 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 337 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site