
ශ‍්‍රී ලාංකීය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයන් ඇගැයීම වෙනුවෙන් පැවැත්වෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් වන SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී NDB බැංකුව රන් පදක්කමකින් පිදුම් ලැබීය. ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ ඇප් එක ලෙස NDB NEOS ඇප් එක ස්ථානගත කිරීම සඳහා ඩිජිටල් ගේමින් සහ ඩිජිටල් බැංකුකරණය ඒකාබද්ධ කළ නව්‍යතම මුලපිරීමක් වූ NDB “අවුරුදු පත” ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මෙම සම්මානය පිරිනමන ලදී.
Gamer.LK සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම ප‍්‍රචාරණ වැඩසටහන, මෙරට ජන සමාජය තුළ ගැඹුරින් මුල්බැසගත් සංස්කෘතිකාංගයක් වන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේදී දියත් කරන ලදී. සාම්ප‍්‍රදායික ප‍්‍රචාරණ ව්‍යාපාරයක් තෝරා ගැනීමට වඩා, NDB බැංකුව තම ඉලක්කගත ගනුදෙනුකරුවන් සමග සම්බන්ධ වීමට වර්තමානයේ ශීඝ‍්‍රයෙන් ප‍්‍රචලිත වෙමින් පවතින අවකාශයක් වන ඩිජිටල් ගේමින් අවකාශය තෝරා ගන්නා ලදී.
මෙම වැඩසටහන නිර්මාණය වී තිබුණේ NDB බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාවත් සමගින් ත‍්‍රාසජනක අත්දැකීමක් ඇතුළත් වූ පරිකල්පනීය කතා වස්තුවකි. ඩිජිටල් NDB අවුරුදු දුපත, මුදල් හුවමාරු කිරීමේ සහ වෙළෙඳාම් කිරීමේ හැකියාව කඩාකප්පල් කළ ආර්ථික යක්ෂයා වන ආර්ථික භූතයා’ විසින් වටලනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ බලපෑම්කරුවන් වන මනියා සහ සදු සමගින් දුපත බේරා ගැනීමට තවත් ජනප‍්‍රිය ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමග එක්රැස් වූහ. යක්ෂයා පරාජය කිරීමට සහ දුපත වීරයා නැවත නගාසිටුවීමට අවශ්‍ය කරන බලය කැටිවුණු දුපත පුරා විසිරුණු ‘NDB කොටස්’ 500 ක් එකතු කිරීමට ක්‍රීඩකයන් තරග කරන විට ප්‍රේක්ෂකයෝද ක්‍රියාශීලීව ඔවුන් අනුගමනය කළහ.
මෙම වැඩසටහන සඳහා වූ විශාල ප්‍රේක්ෂක ප‍්‍රතිචාර මත මෙහිදී වඩාත් ජනප‍්‍රිය ක්‍රීඩකයා ලෙස මනියා තේරී පත්වූවාය. එහිදී ඔහු මෙම ක්‍රීඩාව ජයග‍්‍රහණය සම්පූර්ණ කිරීමට NEOS යෙදුමේ බලය යොදා ගන්නා ලදී. QR කේත ස්කෑන් කිරීමෙන් ක්‍රීඩාව තුළ ඇඳුම් මිලදී ගැනීම, ඩිජිටල් මාධ්‍ය කලාකරුවන්ට සහාය වීම සහ Clean Ocean Force හි ““ Adopt a Beach” මුල පිරීම සඳහා මුදල් පරිත්‍යාග කිරීම දක්වා, එදිනෙදා ජීවිතය හා සමගාමී ලෙස අන්තර් ක්‍රියාකාරී අංග රැසකින් මෙම වැඩසටහන විචිත‍්‍රවත් වී තිබිණි.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ සහකාර උපසභාපති සහ අලෙවිකරණ ප‍්‍රධානී දර්ශන ජයසිංහ මහතා මෙසේ පවසා සිටියේය. “SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ රන් පදක්කම දිනා ගැනීම NDB අපට සුවිශේෂී අවස්ථාවකි. “අවුරුදු දුපත” යනු ප‍්‍රචාරන වැඩසටහනකට වඩා වැඩි යමක් වූ අතර එය ඩිජිටල් බැංකු කරණය සමාජ කතිකාවකට එක් වූ සංස්කෘතික අවස්ථාවක් විය. ඔන්ලයින් ක්‍රීඩා අවකාශයට පිවිසීමෙන්, අපි තරුණ ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවිත බලගන්වමින්, අව්‍යාජව, විනෝදාත්මක ලෙස NDB NEOS හඳුන්වා දෙන ලදී. බැංකුකරණයෙන් ඔබ්බට යමින් අපගේ ගනුදෙනුකරුවන් සමඟ ගැඹුරින් සම්බන්ධ වන අත්දැකීම් නිර්මාණය කිරීමේ අපගේ දැක්ම මෙම සම්මානය මගින් තහවුරු කරයි”.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී NDB බැංකුවට රන් පදක්කමක්