IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


SL MICE Expo 2025 සැප්තැම්බර් 22 සිට 26 දක්වා කොළඹදී

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන SL MICE Expo 2025 ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් මස 22 වැනිදා සිට 26 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ දක්වා SL MICE Expo ප්‍රදර්ශන හතරක් පැවැත්වී ඇති අතර, මෙය පස්වැනි අවස්ථාවයි. 
මෙරට රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන කේන්ද්‍ර කරගත්  MICE ව්‍යාපාරය සම්බන්ධයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දින පහක් පුරා පැවැත්වෙන බව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවේදී පවසා සිටියේය. එහිදී ඉන්දියාව, චීනය, පාකිස්තානය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, තුර්කිය, ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීරය, බංග්ලාදේශය, කටාර් රාජ්‍යය, මැලේසියාව හා සිංගප්පූරුව ඇතුළු රටවල ජාත්‍යන්තර වෙළෙඳපොළේ MICE ගැනුම්කරුවන්ට හා මාධ්‍ය නියෝජිතයන්ට මේ සඳහා ඇරයුම් කර ඇතැයිද, ඒ අතරින් ගැනුම්කරුවන් 100ක් සහ මාධ්‍ය නියෝජිතයන් 15ක් තෝරා ගන්නා බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙම ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාව ගෝලීය MICE සංචාරක ව්‍යාපාරය තුළ ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ඉහළ නැංවීම සඳහා ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සඳහන් කරයි.



අදහස් (0)

SL MICE Expo 2025 සැප්තැම්බර් 22 සිට 26 දක්වා කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site