SITREK සමූහ ව්‍යාපාරයේ SITREK Sexurity Solutions SITREK Sexure Logistics SITREK Technologies, SITREK Home Nursing -Swift Care, SITREK Courier Services, SITREK Total Solutions සහ ICHE යන ආයතනවල සේවක විශිෂ්ටත්වය අගයමින් එම ආයතනයේ 48 වැනි සංවත්සරය හා වාර්ෂික සම්මාන උළෙල, කොළඹ ‘The Grand Maitland’හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය.
මෙය සරලව ව්‍යාපාරික සැමරීමක් නොව 1977 වර්ෂයේ සිට පැවත එන මෙම සමාගම් ජාලය තුළ සේවය කරන අප සේවකයන්ගේ විශ්වාසය හා කැපවීම, ගෞරවයට පත් කිරීමේ අභාසයෙන් වාර්ෂිකව පවත්වන විශේෂිත වූ උත්සවයකි. මෙම ඇගයීම් සඳහා මුදල් පරිත්‍යාග සහ සම්මාන පිරිනැමීම සිදුකරනු ලැබීය.
එදින සන්ධ්‍යාවට ආයතන කළමනාකරණ මණ්ඩලය රට පුරා සිටි සේවකයන්, දීර්ඝකාලීන ව්‍යාපාර හවුල්කරුවන් සහ හිත මිත්‍රාදීන් එක්ව සිටි අතර මෙම උත්කර්ෂවත් මොහොත ආරම්භ වූයේ චිරාගත සම්ප්‍රදායන්ට අනුකූලව පොල්තෙල් පහන් දල්වා සභාව ඒකාලෝකමත් කරමින් හා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුවයි. දිගුකාලින සේවය- අවුරුදු 30ට වැඩි සේවකයන්, වසරේ ආරක්ෂක නිලධාරීන් හා වසරේ ආරක්ෂක නිලධාරියා, වසරේ ආරක්ෂක නිලධාරිනිය. වසරේ රියදුරු මහතා. වසරේ නිලධාරිනිය, වසරේ සේවකයා, වසරේ පාරිභෝගික සේවා කළමනාකරු, වසරේ හෙද මහතා. වසරේ හෙදිය, වසරේ සේවකයා, වසරේ බෙදාහැරීමේ නියෝජිතයා, වසරේ බෙදාහැරීමේ අධීක්ෂකවරයා ඇතුළු සම්මාන මෙහිදී ප්‍රදානය කෙරුණි.
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2031
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
SITREK සමූහ ව්‍යාපාරය අවුරුදු 48ක අභිමානවත් ඉතිහාසය සමරයි