භානුක අමරසිංහ
සණස සංවර්ධන බැංකුවේ 2026 -2028 වසර සඳහා වන ඉදිරි උපායමාර්ගික සංවර්ධන සැලසුම් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව ලබා ගැනීම සඳහා නෙදර්ලන්තයේ Rabo Partnership B.V. සමගින් කටයුතු කරමින් සිටින බව බැංකුව පවසයි.
බැංකුව මගින් 2024 වසර සඳහා නිකුත් කළ සිය වාර්ෂික වාර්තාව තුළ අදහස් දැක්වීමක් සිදු කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මේ බව සඳහන් කර සිටියි.
මෙම Rabo Partnership B.V. සමාගම නෙදර්ලන්තයේ Rabobank හි පරිපාලිත සමාගමකි. එය මූල්‍ය අන්තර්ගතභාවය, ග්‍රාමීය සංවර්ධනය සහ තිරසාර ආහාර සුරක්ෂිතතාව යනාදිය සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් වන ජාලකරණය සහ නවෝත්පාදන විසඳම් ලබා දීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සමාගමක් බව පවසයි.
“කෘෂිකාර්මික අංශය සහ සාංගමික අංශය සමගින් පවතින අපගේ ශක්තිමත් සබැඳියාවත් සමගින් මෙම නව සංවර්ධන උපායමාර්ගය, විවිධාංගීකරණය සහ නව ආර්ථික කාණ්ඩ හරහා සණස සංවර්ධන බැංකුවේ ව්‍යාපාර පුළුල් කරණය සඳහා වඩාත් සහයෝගයක් දක්වාවි.“ යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
SDB බැංකුවේ ඉදිරි සැලසුම්වලට නෙදර්ලන්ත සමාගමක විශේෂඥ සහාය