IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


Royal Asset සමාගමට සම්මාන ද්විත්වයක්

මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නකු වනRoyal Asset Holdings  පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 202  සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය. 

2021දී ආරම්භ වූ Royal Asset Holdings  සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා රැසක් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන්නකු ලෙස නමක් දිනා ඇත. එම සමාගම සපයන මූල්‍ය සේවා අතර පාරිභෝගික ණය, ව්‍යාපාරික ණය, උකස් සේවා, ක්ෂුද්‍ර ලීසිං, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ණය, පෞද්ගලික ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය, උකස් ණය ප්‍රධාන වේ.
පාරිභෝගිකයන් කේන්ද්‍ර කර ගත් Royal Asset Holdings සමාගම නම්‍යශීලී සහ පුද්ගලාරෝපිත මූල්‍ය සේවා සැපැයීමට කැප වී සිටී. කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවා සැපයීමෙන් පෞද්ගලික සහ ව්‍යාපාරික මූල්‍ය ස්ථාවරත්වය හා වර්ධනය ළඟා කර ගැනීමට එම සමාගම පාරිභෝගිකයන්ට සහාය වේ. රට පුරා විහිදී ඇති ශාඛා ජාලයෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට පාරිභෝගිකයන්ට ඇති ප්‍රවේශය තහවුරු වේ. ආරක්ෂාව, ආයෝජනය සහ මූල්‍යකරණය ප්‍රමුඛ කර සලකන Royal Asset Holdings  සමාගම සිය නිෂ්පාදන සහ සේවා කළඹ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම සුවිශේෂ කරුණකි. එම සමාගම මීට පෙරද දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් දිනා ඇත. 



අදහස් (0)

Royal Asset සමාගමට සම්මාන ද්විත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site