Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන ලදී. එම සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ වඩාත් නව්‍ය සමාගම ලෙසද සම්මානයට පාත්‍ර විය.
Richwin Investment and Credit සමාගම පුළුල් පරාසයක විහිදී ඇති මූල්‍ය සේවා සපයයි. එම සමාගම පසුගිය කාලය පුරා පාරිභෝගිකයන් සහ ව්‍යාපාර බල ගැන්වීම ඉලක්ක කර ගත් නව්‍ය ක්ෂුද්‍ර මූල්‍ය විසඳුම් රැසක් හඳුන්වා දී ඇත. ආයෝජන සඳහා මාසික හෝ වාර්ෂික ආදායම, පිළිගත් ආයෝජන ගිවිසුම් සහතිකයක් සැපයීම, ආයෝජන මත ණය මුදලක් ගැනීමට ඇති හැකියාව වැනි වාසි රැසක් එම සමාගම සමග ආයෝජනය කරන පාරිභෝගිකයන්ට ලැබේ. ආයෝජකයන්ට ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ සැපයීමටද එම සමාගම කටයුතු කරයි. එම සමාගම් ජාලයටම අයත් රිච්වින් ප්ලාසා පෞද්ගලික සමාගම ලොව පුරා පිළිගත් සන්නාම යටතේ ජංගම දුරකතන සහ විදුලි උපාංග අලෙවි ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එම සමාගමේ ශාඛා මීගමුව, කටාන සහ ජා ඇළ පිහිටා ඇත. ණය කාඞ් හෝ ඇපකරුවන්ගෙන් තොරව පහසු ගෙවීමේ ක්‍රමයට එම සමාගමෙන් භාණ්ඩ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිය. රිච්වින් ප්ලාසා සමාගම ණය කාඞ් නොමැතිව පහසු ගෙවීමේ ක්‍රම සපයන මෙරට එකම සමාගමද වේ. ගුණාත්මක බව සහ පාරිභෝගික පහසුව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම අලෙවියන් පසු විශිෂ්ට සේවාවක් සපයයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Richwin සමාගමට Pinnacle හා People’s Excellency සම්මාන