IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


RDB බැංකුවෙන් මාතර ව්‍යවසායකයන්ට ණය

ව්‍යවසායකයින් 15000ක් නිර්මාණය කිරීම අරමුණක්

දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමක්


දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවක් වන RDB බැංකුව රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ව්‍යවසායකයන් දිරි බල ගැන්වීමේ දැවන්ත කාර්යයක නිරතව සිටි. ශාඛා 272 ක් පුරා විහිදුණු 3000 කට වඩා සේවක පිරිසකින් යුතු RDB බැංකුව ආර්ථික සංවර්ධනයේ පෙර ගමන්කරුවකු ලෙස වසර 40 කට ආසන්න කාලයක් පුරා සුවිශාල කාර්ය භාරයක් ඉටු කරමින් සිටී.

ව්‍යවසායක ආර්ථිකයක් බිහි කිරීමේ රජයේ සංකල්පය වන “ව්‍යවසායක උන්මාදයක්” ඇති කිරීමේ වැඩසටහනට සමගාමීව ව්‍යවසායකයන් 15,000 ක් නිර්මාණය කිරීමේ වැඩසටහන RDB බැංකුව විසින් ආරම්භ කර ඇත.

“ආර්ථික සංග්‍රාමයේ RDB මෙහෙයුම් ක්‍රියාන්විතය – ව්‍යවසායකයන් 15,000ක බලකායක් ජාතික ආර්ථිකයට” යන තේමාව ඔස්සේ සෑම ග්‍රාම සේවක කොට්ඨාසයකින්ම අවම වශයෙන් එක් ව්‍යවසාකයෙක් බැඟින් ව්‍යවසායකයන් 15,000 ක් වසරක් තුළ බල ගැන්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. එසේ ගොඩනැගෙන ව්‍යවසායකයන් 15,000 වටා ධීවර, කෘෂි, කර්මාන්ත, පශු සම්පත් වැනි නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍ර නියෝජනය කරමින් ප්‍රධාන ව්‍යවසායකයා වටා ගොනුවුණු ව්‍යවසායක පොකුරක් නිර්මාණය කර ග්‍රාමීය ව්‍යවසායකත්ව සංවර්ධනය ඉලක්ක සපුරා ගනිමින් දේශීය ආර්ථිකය සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ.

ව්‍යවසායකයින් සඳහා ණය ප්‍රතිපාදන ලබා දීමට අමතරව මුල්‍ය පාලනය හා විනය, නවීන තාක්ෂණික ක්‍රම, නව වෙළඳපොල අවස්ථා සහ අත්‍යාවශ්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් මුල්‍යමය වශයෙන් හා දැනුමින් සන්නද්ධ වූ ව්‍යවසායක බලකායක් නිර්මාණය කිරීමද මෙහිදී සිදු වීණි.

තවද ව්‍යවසායක ප්‍රජාවගේ නිෂ්පාදන නොමිලේ අලෙවි කිරීම සඳහා වෙබ් අඩවියක් හදුන්වා දීමටද බැංකුව කටයුතු කර ඇත.

මෙම වැඩසටහනේ ජාතික සාමාරම්භක උළෙල RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතාගේ සහ සාමාන්‍යාධිකාරි ජනිත ප්‍රියශාන්ත මහතාගේ ආරාධනයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ආමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්විණි. මෙහිදී දකුණු පළාතේ ග්‍රාමසේවා කොට්ඨාස 250ක් නියෝජනය කරමින් ව්‍යවසායක ව්‍යවසායිකාවන් 250ක් සඳහා රු.මිලියන 500කට අධික ණය පහසුකම් ප්‍රදානය කෙරුණි.



අදහස් (0)

RDB බැංකුවෙන් මාතර ව්‍යවසායකයන්ට ණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site