දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස RDB බැංකුව දේශීය ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් ව්‍යවසායකයන් 15,000 ක් නිර්මාණය කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදී. ව්‍යවසායකයන් 15,000 ක් ජාතික ආර්ථිකයට දායාද කිරීමේ වැඩසටහන යටතේ උතුරු පළාතේ ව්‍යවසායකයන් බලමුළු ගැන්වීමේ වැඩසටහන 2025.05.15 හා 16 දෙදින පැවැත්විණි.
මෙහිදී උතුරු පළාතේ වවුනියාව, කිළිනොච්චිය, මන්නාරම, යාපනය හා මුලතිව් දිස්ත්‍රික්ක වල සියලු ග්‍රාමසේවා කොට්ඨාස ආවරණය වන පරිදි ව්‍යවසායකයන් හඳුනාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා අනෙකුත් රාජ්‍ය ආයතන වල දායකත්වය ලබා ගැනීමේ මුලික සාකච්ඡා සාර්ථකව පැවැත්වූ අතර මෙමගින් පළමු අදියර ලෙස ව්‍යවසායකයන් දහසක් හඳුනාගැනීමට වැඩසටහන් සකස් කිරීමට කටයුතු කරන ලදී. මන්නාරම, යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල ධීවර ප්‍රජාව ඉලක්ක කරගනිමින් සීනෝර් හා නෝර්ත් සී ආයතන සමඟ ඒකාබද්ධ වෙමින් ධීවර කාර්මිකයන් ධීවර ව්‍යවසායකයන් බවට පත්කරමින් ජාතික ආර්ථිකය සවිමත් කිරීමේ පුළුල් වැඩසටහනක් ද එම දෙදින තුළ ක්‍රියාත්මක කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
RDB බැංකුව උතුරේ ව්‍යවසායකයන් බලගන්වයි