Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත විය. ආදරය සහ කරුණාව පිරි වටපිටාවක් තුළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳව පෞද්ගලික අවධානය යොමු කරමින් ඔවුන් රැක බලා ගැනීම එම ආයතනයේ අරමුණ වේ. විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත Golden Heart Age Care ආයතනයේ කාර්ය මණ්ඩලය සෑම වැඩිහිටියකුටම ඉහළ ප්‍රමිතියේ රැකවරණයක් ලැබෙන බව සහතික කරයි.
එම ආයතනය හඳුන්වා දී ඇති ප්‍රධාන රැකවරණ පැකේජය සඳහා ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 90,000කි. ඊට වෛද්‍ය පරීක්ෂණ, නිරන්තර පරීක්ෂාව සහ වෙනත් සේවා රැසක් ඇතුළත් වේ. වැඩිහිටියාගේ සෞඛ්‍ය තත්වය අනුව අය කරන ගාස්තුව වෙනස් විය හැකිය. විශේෂ අවශ්‍යතා මත පදනම්ව සුවිශේෂ පැකේජ ගැනීමටද පාරිභෝගිකයන්ට හැකිය.
Golden Heart Age Care ආයතනය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා විවිධ සුබසාදන වැඩසටහන් සංවිධානය කරයි. සමාජ අන්තර්ක්‍රියා වැඩි දියුණු කරන කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ආගමික ස්ථාන නැරඹීමට ඔවුන් කැටුව යාම ඒ අතරින් ප්‍රධාන වේ. ඒ තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මානසික මෙන්ම අධ්‍යාත්මික සුවය ලැබේ. වර්තමානයේ බොහෝ දෙනකුට කාර්යබහුල ජීවන රටාව නිසා මවුපියන් ඇතුළු වැඩිහිටියන් රැක බලා ගැනීමට අපහසු බව වටහා ගෙන ඇති එම ආයතනය කෙටි කාලීන සහ දෛනික වැඩිහිටි රැකවරණ සේවාද සපයයි. ඒ තුළින් කෙටි කාලයකට පමණක් වැඩිහිටියන් එම ආයතනයට භාර දීමට හැකිය. අල්ට්‍රා සවුන්ඞ් ස්කෑන්, එක්ස්-රේ වැනි නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත එම රෝහල රත්මලාන, කළුතර, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කටුබැද්ද, මහරගම, අත්තිඩිය, පිළියන්දල වැනි ප්‍රදේශවල ජීවත් වන රෝගීන්ට කොළඹ රෝහල් වෙත නොගොස් උසස් ප්‍රමිතියේ ප්‍රතිකාර පහසුවෙන් ලැබීමේ අවස්ථාව උදා කර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Queen රෝහලේ Golden Heart Age Care මධ්‍යස්ථානය විවෘත වේ