IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


Profood, Propack & Agbiz 2025 ප්‍රදර්ශනය හෙට ඇරුඹේ

ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින් ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) සමග එක්ව සංවිධානය කරනු ලබන profood propack &Agbiz 2025ශ්‍රී ලංකාවේ දැවැන්තම ආහාර සැකසුම් ඇසුරුම් හා කෘෂි කාර්මික ප්‍රදර්ශනය 2025 අගෝස්තු මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ 07 BMICHපරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නියැලි ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණෙන් එම ක්ෂේත්‍රවල විද්වතුන්, ව්‍යාපාරික දැවැන්තයන් හා පාරිභෝගික ප්‍රජාව යනාදී සියලු පාර්ශව එකමුතු කරමින් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත් වෙන්නේ 22 වැනි වරට වීම විශේෂත්වයකි. කර්මාන්ත  අමාත්‍යාංශයේ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය (IFSTSL) සහ ජාතික කෘෂි ව්‍යාපාර කවුසිලයේ සහයෝගීත්වයෙන් profood propack& Agbiz 2025 ප්‍රදර්ශනය මෙවර සංවිධානය කෙරේ.   profood propack & Agbiz වසර 2025කට අධික කාලයක් තිස්සේ SLFPA හි සුවිශේෂී මාධ්‍යයක් ලෙස ශ්‍රී ලාංකීය ආහාර සැකසුම් හා ඇසුරුම් ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි සහ දේශීය ආර්ථික සංවර්ධනය කෙරෙහි අනගි දායකත්වයක් ලබාදෙයි. කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම, ඇසුරුම් කරණය හා සමගාමී සේවා රැසක වෙළෙඳපොළ දැවැන්තයන් එකමුතු කරමින් නවෝත්පාදන හඳුන්වා දෙමින් උපක්‍රමික සබඳතා ගොඩනගමින්, දැනුම් හුවමාරු අවස්ථා නිර්මාණය කරමින් සියල්ලන්ට යහපත් ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමටද දායක වී ඇත.
 profood propack සහ Agbiz වසර 2025 ප්‍රදර්ශනයේදී ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නව ප්‍රවනතා සොයා යමින් දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගනිමින් සහභාගී වන සියලු පාර්ශ්වයන්ගේ දැනුම වැඩිදියුණු කිරීමෙහිලා පසුගිය වසරේදී හඳුන්වා දුන් Knowledge Hub මෙවර ප්‍රදර්ශනයේදීත් ක්‍රියාත්මක වන අතර පාරිභෝගික සහය වෙනුවෙන් සුවිශේෂී සහය සේවාවන් ක්‍රියාත්මක වේ. ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල නියැලී ව්‍යවසායකයන් අතර තම නිෂ්පාදන පිළිබඳ දැනුම, අත්දැකීම් හා අදහස් හුවමාරු කර ගැනීමට නව ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගා ගැනීමට. නව අලෙවි හා ව්‍යාපාරික අවස්ථා වර්ධනය කර ගැනීමට මෙන්ම තම නිෂ්පාදන පිළිබඳ පාරිභෝගික අදහස් ලබාගනිමින් ප්‍රවර්ධනය කරගැනීමෙහිලා  profood propack & Agbiz 2025 ප්‍රදර්ශනය මහඟු අවස්ථාවකි. එමෙන්ම ආහාර සැකසුම්, ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව නිෂ්පාදන හා නව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නන්ට ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුනාගනිමින් සාර්ථකත්වය උදෙසා අඩිතාලම සකස් කරගැනීමටත් මෙම ප්‍රදර්ශනය උපකාරී වනු ඇත. විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපනයේ නියැලී සිසුන්ට වෘත්තිමය දැනුමක් ලබාගැනීමට මෙන්ම ආහාර සැකසුම් ඇසුරුම්කරණ හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල අනාගත රැකියා බලාපොරොත්තු වන්නන්ට එම ක්ෂේත්‍රවල දවැන්තයන් සමග එක්වීමට අවස්ථා රැසක්  profood propack සහ Agbiz 2025 ප්‍රදර්ශනය වෙතින් හිමි කරගත හැකිය.



අදහස් (0)

Profood, Propack & Agbiz 2025 ප්‍රදර්ශනය හෙට ඇරුඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site