
ගිග් ආර්ථිකයේ නියැළෙන සේවකයන් රැකබලා ගැනීමේ එකම ඩිජිටල් වේදිකාව බවට පත් වෙමින් Pickme සමාගම සිය රියැදුරන්ට පැය 24 පුරාවටල එනම් ඔවුන් සේවය කරන කාලය පමණක් නොව සේවයෙන් බැහැරව සිටින කාලය තුළ ද ආවරණය වන පරිදි රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. රන් සහ ප්ලැටිනම් කාණ්ඩ කරා ළඟා වන රියැදුරන් හට නොමිලේ පිරිනමන Pickmeරක්ෂණය, දැනටමත් රියැදුරන් 11,000 කට අධික රියැදුරන් සංඛ්‍යාවක් ආවරණය කර ඇති අතර, එම කාණ්ඩ තව දුරටත් පුළුල් කිරීමෙන් මෙම රක්ෂණයට සුදුස්සන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ද කටයුතු යොදා ඇත.
‘‘අප වැඩසටහන රියැදුරන් පමණක් නොව ඔවුන්ගේ පවුල් ද ආවරණය කරනවා. මේ' දක්වා අයැදුම් 1,675ක් ඉදිරිපත් කර ඇති අතර, රු. 38,467,610 ක මුදලක් ගෙවා තිබෙනවා. සේවය කරන අතරතුර සිදූ වූ රියැදුරු මරණ සඳහා දීමනා 3කුත්, රියැදුරන් 405 දෙනකුගේ දෙමාපියන් සහ අඹුසැමියන්ගේ අවමංගල්‍ය වියදම් මේ අතර වේ. දරු උපත් සඳහා ද රක්ෂණය භාවිත කළ හැකිය. ඒ සඳහා රියැදුරුන් 421 දෙනෙකුට රු. 50,000 ක මුදලක් දැනට ගෙවා තිබෙනවා. සාමාන්‍ය අවශ්‍යතා සඳහා රෝහල් ගත වීම මෙන්ම කොවිඩ් ප්‍රතිකාර ද මෙයට ඇතුළත්. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සා/පෙළ සහ උසස් පෙළ දරුවන් 189 දෙනෙකු සඳහා දීමනා' ගෙවා තිබෙනවා,” යැයි Pickme ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පවසයි.
Pickme ආයතනය හා සමූපකාර රක්ෂණ සමාගම එකතුව ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා පිරිනමන මෙම වටිනා රක්ෂණය සුළුපටු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.
සිය සේවා සපයන්නන් නොසලකා හරින බවට විවිධ චෝදනා ගිග් සේවා භාවිත කරන ඩිජිටල් වේදිකාවන් වෙත එල්ල වී ඇති නමුත්, Pickme විසින් පසුගිය වසර 5 තුළ සේවායෝජක හා සේවක සම්බන්ධතාවය ඉක්මවා යන අයුරින් තම රියැදුරන්ට පක්ෂපාතීත්වය ලබා දී ඇති බව Pickme ප්‍රධාන විධායක නිලධාරී තවදුරටත් පැවසීය.
(595)
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
Pickme රියැදුරන්ට ජිවීත රක්ෂණයක්.
de silva Monday, 12 June 2023 02:11 PM
හොඳ තීරණයක්..., මහමගදී මැර ප්‍රහාරයන්ට ලක්වීමේ සම්භාව්‍යතාවය වැඩියි...