IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


Pasans Rent a Car තායිලන්තයේදී Iconic සම්මාන දිනයි

Pasans Rent a Car පෞද්ගලික සමාගම තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති Iconic Awards  2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කුලී රථ සහ සංචාරක සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය පසන් නලින්ද හිරිපිටියගේ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 
2002දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Pasans Rent a Car වර්තමානයේදී මෙරට සංචාරක සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ සන්නාමයක් බවට පත් වී තිබේ. මාලඹේ පිහිටි එම ආයතනය පෞද්ගලික පාරිභෝගිකයන්, සංචාරකයන්, පෞද්ගලික ආයතන සහ රජයේ සංස්ථා, මණ්ඩල, අමාත්‍යංශ ඇතුළු පාර්ශ්ව රැසකට වාහන සපයයි. 
Pasans Rent a Car  සතුව දෛනික හෝ මාසික කුලී පදනම මත ගත හැකි කාර්, වෑන්, බස්, ලොරි, අනෙකුත් සුඛෝපබෝගී වාහන රැසක් තිබේ. පාරිභෝගිකයන්ට තමන්ම වාහනය පැදවීම හෝ පළපුරුදු රියැදුරෙකු සමඟ වාහනය ගැනීම යන දෙකෙන් එකක් තෝරා ගත හැකිය. ඔවුන් සතු 130කට අධික වාහන අතරට Toyota Aqua, සුඛෝපබෝගී SUV, ආසන 30-33 බස් ඇතුළු සියලු‍ වාහන ඇතුළත් වේ. එම සමාගම ගුවන්තොටුපොළේ සිට සංචාරකයන් රැගෙන ඒම සහ දිවයින පුරා සංචාරක සේවා සැපයීමද සිදු කරයි. ඔවුන් බහුජාතික සමාගම් පිරිනැමූ සම්මාන රැසක්ද දිනා තිබේ. 



අදහස් (0)

Pasans Rent a Car තායිලන්තයේදී Iconic සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site