
මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සිය විශිෂ්ට නායකත්වය නැවත වරක් පෙන්නුම් කරමින් 2025 CPM Sri Lanka කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙලේදී යුරෝපය ඇඟලුම් අපනයනය කරන ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක්වන Omega Line (Oniverse සමූහයට අයත්) හි සේවකයන් සිව්දෙනෙක් ඇගයීම් සම්මාන දිනාගත්හ.
එහිදී සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී සම්පත් වීරකෝන් මහතා ආයතනික කළමනාකරණ කාණ්ඩයේ ඇඟලුම් සහ රෙදිපිළි අංශ ජයග්‍රාහකයා වූ අතර, ජාතික මට්ටමේ සමස්ත ලෝකඩ සම්මානය ද හිමිකරගත්තේය. ඔහු මෑතකදී පැවැති විසිවැනි සේවායෝජක සන්නාම සම්මාන උළෙලේදී ආසියාවේ හොඳම මානව සම්පත් නායකයන් අතරට ද තෝරාගෙන තිබුණි. ඒ අනුව හුදෙක් ඇඟලුම් අංශය තුළ පමණක් නොව සමස්ත ලාංකික ව්‍යාපාර පරිසරය තුළ ද වීරකෝන් මහතා සතු මානව සම්පත් දැක්ම මෙසේ පිළිගැනීමට ලක්වීම විශේෂත්වයක් විය.
තව ද ඔහුගේ ජයග්‍රහණයෙන් නවෝත්-පාදනවල අන්තර්කරණය සහ තිරසාර වර්ධනය වැනි වටිනාකම් වර්ධනය කරන නායකයන් බිහිකිරීමට Omega Line සතු කැපවීම පිළිබිඹු වූ අතර, මෙරට වඩාත්ම සේවක කේන්ද්‍රී ඇඟලුම් අපනයනකරුවකු ලෙස සමාගමේ කීර්ති නාමය ශක්තිමත් කිරීමට ද හේතුවිය.
මේ අතර සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී- නිෂ්පාදන කණිෂ්ක වීරසිංහල සහකාර සාමාන්‍යාධිකාරී, නිෂ්පාදන ඩේමියන් ලේකම්ගේ සහ සහකාර සාමාන්‍යාධිකාරී නිෂ්පාදන සැලසුම් චාර්මන් ඩෙප් යන මහත්වරු ද සම්මාන උළෙලේ එම අංශයේ ම දෙවැනි ස්ථාන ජයග්‍රහණ ලබාගත්හ.
මෙම ජයග්‍රහණ මගින් උපායමාර්ගික දැක්මක් ලබාදීමට, සේවක කණ්ඩායම් අභිප්‍රේරණය කිරීමට සහ නවෝත්පාදන මෙහෙයවීමට Omega Line සතු අඛණ්ඩ ඉදිරිගාමී සංස්කෘතිය ඉස්මතුකර පෙන්වයි. තව ද මෙම ජයග්‍රහණ, සිය දැක්ම යථාර්ථයක් බවට ඵලදායී ලෙස පරිවර්තනය කරමින් කළමනාකරණ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ප්‍රජා සේවය ළඟාකරගන්නා ව්‍යාපාරික නායකයන් ඇගයීමේ CPM Sri Lanka හි වටිනාකම් සමග ද සමීපව සමපාත වේ.
මෙරට ජාතික ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන Omega Line සමාගම සතු සඳලංකාව සහ වව්නියාව කර්මාන්තශාලා ආශ්‍රිතව 7,500කට වැඩි පිරිසක් සේවය කරති. එම කර්මාන්තශාලා මගින් වාර්ෂිකව ඇඟලුම් ඒකක මිලියන 100කට වඩා නිෂ්පාදනය කෙරේ. Omega Line සමාගම සිය අනුබද්ධිත ආයතන හා එක්ව ලංකාව තුළ ඩොලර් මිලියන 450කට වැඩි ආයෝජන සිදුකර ඇති අතර, සමාගමේ වාර්ෂික අපනයන වටිනාකම ඩොලර් මිලියන 500කට ආසන්න වේ. වාර්ෂිකව අපයනය කරන ඇඟලුම් ඒකක ප්‍රමාණය මිලියන 200 ඉක්මවයි.
තම සේවකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ට තාක්ෂණික පුහුණු ජීවන කුසලතා පුහුණු නායකත්ව සහ කණ්ඩායම් ක්‍රියාකාරකම්, විධිමත් කාර්යසාධන ඇගයීම් සහ අභ්‍යන්තර රැකියා උසස්වීම් අවස්ථා ආදිය නොමසුරුව පිරිනැමීමට සමාගම ක්‍රියාකරයි.
2025 ඔක්තෝබර් මස 08
1320
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1242
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
456
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
Omega Line සමාගමට 2025 CPM Sri Lanka කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන