ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නේවාසික හා දේපොළ වෙළෙදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Odiliya Homes & Residencies සමූහයේ සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන ලසිත් මාලිංග පත් කර තිබේ.
සමාගමේ ඉදිරි ප්‍රවර්ධන සැලසුම්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ආකර්ෂණය හා සන්නාම ප්‍රතිරූපය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම පත්වීම සිදු කළ බව සමාගම පවසයි. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂ පන්දු යවන්නකු ලෙස තම නම රන් අකුරෙන් සටහන් කළ ලසිත් මාලිංග ජයග්‍රාහී මානසිකත්වය, නවෝත්පාදනශීලී දැක්ම සහ සුවිශේෂ පෞරුෂය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩා සන්නාමයකි. එම වටිනාකම් Odiliya Homes & Residencies සන්නාමයේ විශිෂ්ටත්වය, විශ්වාසනීයත්වය හා නවීන ජීවන රටාව පිළිබඳ දැක්ම සමඟ මනා ලෙස ගැළැපෙන බව සමාගම සඳහන් කරයි.
”Icon යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දේපොළ වෙළෙදාම් සමාගමක් විසින් නිර්මාණය කරන ලද සුවිශේෂ හෝටල් ජාලයක්. මෙම Icon සන්නාමය ලෝකය පුරා රැගෙන යාමේ කාර්යභාරය සඳහා මාලිංග මහතා අප සමග අත් වැල් බැඳ ගෙන සිටිනවා. Icon මිරිස්ස, Icon V ගාල්ල, Icon තල්පෙ යන මෙම හෝටල් ජාලය ඉදිරියේදී රට පුරා ව්‍යාප්ත වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ Icon එකක් වූ ලසිත් මාලිංග මෙරට Icon හෝටල් ජාලයේ කීර්තිය ගෝලීයව රැගෙන යාමට එක් වීම විශේෂත්වයක්. එමගින් ශ්‍රී ලංකාවේ දේපොළ වෙළෙඳපොළට විදේශ ආයෝජන හා විදේශ විනිමය ආකර්ෂණය වීමට වැදගත් දායකත්වයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කරනවා. විශිෂ්ටත්වය, නවෝත්පාදනය හා විශ්වසනීයත්වය මූලික කර ගත් දේපොළ සංවර්ධන සන්නාමයක් ලෙස Odiliya Homes & Residencies ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ඉදි කිරීම් ක්ෂේත්‍රයට නව ප්‍රමිති හඳුන්වා දෙමින් ජාත්‍යන්තර මට්ටමේ ජීවන අත්දැකීම් සහ ඉහළ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමේ සිය මෙහෙවර තව දුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’ Odiliya Homes & Residencies සභාපති ජනාත් රෝහිත මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd