IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Ninewells රෝහල අතිනවීන Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි




  • ජාත්‍යන්තර මට්ටමේ  ප්‍රතිකාර සඳහා අති නවීන තාක්ෂණය
  • කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවට විශේෂ තැනක්

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවේ පුරෝගාමියකු වන  Ninewells  රෝහල එහි නවීනතම  Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දුන්නේය. Ninewells වෙතින් සපයන සේවා පුළුල් කිරීමේ ගමන් මඟෙහි සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කරමින් ආමාශික  සහ ආන්ත්‍රික රෝග හඳුනා ගනිමින් රෝග විනිශ්චය හා චිකිත්සක විසඳුම් ලබා දෙමින් මෙහි සේව සමස්ත පවුලටම ලබා දෙයි.

මෙම ඒකකය අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිකාර ලබා දීම සඳහා අතිනවීන තාක්‍ෂණයෙන් සමන්විත වන අතරම ආමාශික සහ ආන්ත්‍රික රෝග විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් යුත් ඉතා දක්‍ෂ කාර්ය මණ්ඩලයක් විසින් මෙය මෙහෙයවනු ලබයි.  Endoscopy  හි ක්‍රියා පිළිවෙළ සිරුරට අවම බලපෑමක් කරන අතර ආමාශයේ ආම්ලික රෝගල ගැස්ට්‍රයිටිස් සහ මහා බඩවැලේ පිළිකා වැනි රෝග තත්ව හඳුනා ගනිමින් එම තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරයි.

මෙම නවීනතම සෞඛ්‍ය සේවාව හඳුන්වා දෙමින්  Ninewells  රෝහලේ කළමනාකාරිත්වය මෙසේ පැවසූවේය.

අප විසින් කාන්තා සහ ළමා සෞඛ්‍ය සේවා වෙනුවෙන් සපයන සුවිශේෂ සත්කාර සඳහා පවුල්වල විශ්වාසය දිනා ගෙන සිටින අතර පවුලේ සමස්ත සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා තවදුරටත් එම සේවා පුළුල් කිරීමට ලැබීම පිළිබඳව ආඩම්බර වෙනවා. රෝගියාගේ සුභසෙත වෙත මූලිකත්වය දෙමින් උසස් රෝග විනිශ්චය හා එක් එක් රෝගියාට ගැළපෙන සත්කාරවලින් සමන්විත Ninewells ඒකකය සියලු සෞඛ්‍ය සේවා සත්කාර එකම වහලක් යටින් ලබා දීම සඳහා Ninewells රෝහල සිදු කරන කැපවීම පෙන්නුම් කරනවා.

Ninewells රෝහලේ 03 වැනි මහලේ පිහිටා ඇති මෙම නව ඒකකය රෝගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සලසමින් නිර්මාණය කර ඇත. 

නවතම උපකරණල උසස් සනීපාරක්ෂාව සහ ආසාදන පාලනය කිරීමේ ක්‍රමවේද ඇතුළත්, upper & lower gastrointestinal endoscopy (gastroscopy) සහ therapeutic interventions  සේවාවලින් යුත් පුළුල් පරාසයක සේවා සපයයි.  

Ninewells සිය සේවා පුළුල් කරමින්, රෝහලේ හොඳම හා උසස්ම ප්‍රමිති පවත්වා ගනිමින් කාන්තා හා ළමා රැකවරණය වෙනුවෙන් සිය අඛණ්ඩ කැපවීම වෙනුවෙන් නොසැළී ඉදිරියට ගමන් කරයි. රෝහලේ විශිෂ්ට සේවාවලින්  රෝගීන් අපේක්ෂා කරන කැපවීම හා සපයන සේවාවල ගුණාත්මකබව Gastroenterology සහ Endoscopy  පහසුකම් මගින් පිළිඹිබු කරයි. 

සමස්ත පවුලටම විශ්වාසදායි සෞඛ්‍ය සේවා සපයන්නකු වීම සඳහා  Ninewells  සතු පුළුල් දැක්මෙහි එක් කොටසක් ලෙස මෙම නවීනතම හඳුන්වා දීම දැක්විය හැකිය. අතිනවීන තාක්ෂණය හා පළපුරුදු  විශේෂඥයන්ගේ විශේෂඥතාව ඒකාබද්ධ කරමින් ශ්‍රී ලාංකිකයන් සඳහා විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් නව මං තැනීමට  Ninewells  රෝහල අඛණ්ඩව කටයුතු කරයි. 



අදහස් (0)

Ninewells රෝහල අතිනවීන Gastroenterology සහ Endoscopy සේවාව හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site