වසර 22ක් පුරා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ANC අධ්‍යාපන ආයතනය 2004 සිට නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත උපාධි වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක රථවාහන අනුකරණ වැඩමුළුවේ (Computer Automotive Retail Simulation - NUCARS) 2025 වසරට අදාළ සත්කාරකත්වය දැක්වීමටANC ආයතනයට අවස්ථාව හිමි විය.
එය ශ්‍රී ලාංකීය අධ්‍යාපන විශිෂ්ටත්වය සහ ගෝලීය සම්බන්ධතා පිළිබඳ සුවිශේෂ සන්ධිස්ථානයකි. ANC ආයතනයේ සිසුන් 22ක් NUCARS 2025 2025 වැඩමුළුවට සහභාගී වූ අතර ඔවුන්ට රටවල් රැසක් නියෝජනය කරන සිසුන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබිණි. මේ තුළින් ගෝලීය ප්‍රමිතිවලට අනුව ජාත්‍යන්තර වේදිකාවල විශ්වාසයෙන් යුතුව සිය දැනුම සහ අත්දැකීම් බෙදා ගැනීමට හැකි සිසු පිරිසක් බිහි කිරීම සඳහා ANC ආයතනය සතු හැකියාව ඉතා හොඳින් පිළිබිඹු විය.
NUCARS 2025 2025 වසරට අදාළ වැඩමුළුව අප්‍රේල් 07 සිට 11 දක්වා ANC Education ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ස්විට්සර්ලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව වැනි රටවල් රැසක් නියෝජනය කරන සිසුහු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු සහ නියෝජිතයෝ රැසක් එම අවස්ථාවට සහභාගී වූහ. අන්තර්ජාතික සහයෝගීතාව, ව්‍යාපාර ඉගැනීම, සංස්කෘතික හුවමාරුව වැනි බොහෝ දෑ පිළිබඳව NUCARS 2025 වැඩමුළුවේදී අවධානය යොමු විය. නිරන්තරයෙන් වෙනස් වන මෝටර් රථ අලෙවි ක්ෂේත්‍රය සහ ඊට අදාළ උපාය මාර්ග පිළිබඳව දැනුම ලැබීමට සිසුන්ට සහාය වන NUCARS 2025 2025 අන්තර්ජාලය පදනම් කර ගත් ජාත්‍යන්තර උපාය මාර්ග වේදිකාවකි.
ක්‍රියාකාරී ඉගැනුම් උපාංගයක් ලෙස සංවර්ධනය කර ඇති එය ව්‍යාපාර අවස්ථා සමඟ සම්බන්ධ වෙමින් නිෂ්පාදන සංවර්ධනය, මෙහෙයුම්, මූල්‍ය සහ අලෙවිකරණය වැනි අංශවලට අදාළ ප්‍රයෝගික දැනුම ලැබීමට අවස්ථාව සලසයි. NUCARS 2025 2025 වැඩමුළුව අතරතුර විවිධ රටවල් නියෝජනය කරන කණ්ඩායම් සමඟ කටයුතු කරමින් වෙළෙඳපොළ තත්ව විශ්ලේෂණය කිරීමටත්, එකිනෙකට වෙනස් වෙළෙඳපොළට ආවේණික උපාය මාර්ග සැලසුම් කිරීමටත් සිසුන්ට අවස්ථාව ලැබිණි. මෙම වැඩමුළුවේදී වර්තමාන අන්තර් සම්බන්ධිත ව්‍යාපාර ලෝකයේ දියුණුවට අත්‍යවශ්‍ය ගුණාංග වන සාමූහිකත්වය, බහු සංස්කෘතික අවබෝධය, සමාජ කුසලතා පිළිබඳව ඉහළ අවධානයක් යොමු විය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
NUCARS 2025 ජාත්‍යන්තර සමුළුවට ANC Education සත්කාරකත්වය