IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


NDB බැංකුවෙන් යාපනයේදී පාරිභෝගික සබඳතා හමුවක්

NDB බැංකුව පසුගිය දා යාපනයේ නෝර්ත් ගේට් හෝටල් පරිශ්‍රයේදී උතුරු ප්‍රාදේශිකය ආවරණය කරමින් පාරිභෝගික හමුවක් පැවැත්විය. මෙම  අවස්ථාවට බැංකුවේ ඉහළම පෙළේ ගනුදෙනුකරුවෝ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ අපනයනකරුවෝ සහ ආරාධිතයෝ 100 ආසන්න පිරිසක් රැස් වූහ, එමඟින් පැමිණ සිටි පිරිසට සබඳතා ගොඩනැංවීම, විවිධ දැනුවත් වීම් සහ වර්ධනය සඳහා අවශ්‍ය කටයුතු නිර්මාණය කරගැනීම සඳහා සුදුසු අවස්ථාවක් විය.
උතුරු කලාපයේ ගනුදෙනුකරුවන් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ, පෞද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සේවා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපසභාපති සංජය පෙරේරා, ව්‍යාපාර බැංකුකරණය පිළිබඳ උපසභාපති ඉන්දික රණවීර, පෞද්ගලික බැංකුකරණය පිළිබඳ උපසභාපති සෙයාන් හමීඩ් සහ උප සභාපති, ප්‍රධාන අවදානම් නිලධාරී ඇලෙක්ස් පෙරේරා ඇතුළු NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෝ මෙම හමුවට සහභාගී වූහ.
වටිනා සබඳතා අවස්ථා ලබා දීමට අමතරව, මෙම හමුවේ දී පුළුල් දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වූ අතර, එහි දී NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කරන ලද මූල්‍ය විසඳුම් මාලාව ප්‍රදර්ශනය කරන ලදී. නව්‍ය ණය පහසුකම් විසඳුම් වල සිට අපනයන මූල්‍යකරණ විකල්ප දක්වා, NDB බැංකුවේ සේවා පාරිභෝගිකයන්ගේ ව්‍යාපාරික අභිලාෂයන්ට සහාය විය හැකි ආකාරය සහ තිරසාර වර්ධනයක් ඇති කළ හැකි ආකාරය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීමට සහ ඔවුන් බලගැන්වීමට වේදිකාවක් ලෙස මෙම අවස්ථාව පවත්වනු ලැබීය.උත්සවයේදී සභාව අමතමින් NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා ගනුදෙනුකරුවන් සමඟ මෙලෙස සම්බන්ධ වීමේ සහ ඔවුන්ගේ සාර්ථකත්වය කරා යන ගමනට සහාය වීමේ වැදගත්කම අවධාරණය කළේය. තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය. NDB බැංකුව, අපගේ ගනුදෙනුකරුවන් සමඟ ශක්තිමත්, සහයෝගී සබඳතා වර්ධනය කිරීම, ඔවුන්ගේ අභිලාෂ තේරුම් ගැනීම සහ ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඔවුන්ට අවශ්‍ය බලය ලබා දෙන විසඳුම් ලබා දීම පිළිබඳව අපි දැඩිව විශ්වාස කරමු. උතුරු පළාත තුළ පුළුල් විභවයක් ඇති අතර, මෙවැනි හවුල්කාරිත්ව හරහා එම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට සහාය වීමට අපි කැපවී සිටින්නෙමු. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, අපනයනකරුවන් සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන්ගේ අභිලාෂ සපුරාලමින් විශ්වාසදායක මූල්‍ය හවුල්කරුවකු වීමේ NDB බැංකුවේ මෙහෙවර මෙම උත්සවය පැවැත්වීම මඟින් තහවුරු කරන ලදී. 



අදහස් (0)

NDB බැංකුවෙන් යාපනයේදී පාරිභෝගික සබඳතා හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site