IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


NDB බැංකුවෙන් කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක්

NDB බැංකුව කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ (HCC, OBU) සාමාජිකයන් වෙනුවෙන් ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට සම්බන්ධ වී ඇත. මෙම හවුල්කාරිත්වය සඳහා නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පසුගියදා NDB බැංකු නවම් මාවත පරිශ‍්‍රයේදී NDB බැංකුවේ සහ කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

HCC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත, කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ගේ සංගමයේ සාමාජිකයන් සඳහාම සුවිශේෂීව සකස් කර ඇති අතර, ඔවුන්ට වඩාත්ම වැදගත් ප‍්‍රතිලාභ රැසක් ලබා දෙයි. මුල්‍ය පහසුවට අමතරව, පළමු වසරේ වාර්ෂික ගාස්තුව අය නොකිරීම, වාරික ගෙවීමේ සැලසුම් සහ හවුල්කාර වෙළෙඳ ආයතන රාශියකින් විශේෂ වට්ටම් සහ දීමනා ඇතුළු සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් මෙමඟින් හිමිකර දෙයි. NDB බැංකුව විසින් HCC, OBU සාමාජිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද තරඟකාරී මූල්‍ය සේවා වැනි සුවිශේෂී වරප‍්‍රසාද ද කාඩ්පත් හිමියන්ට හිමි වේ.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පෞද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික සේවා, සංජය පෙරේරා මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘මෙම සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පත එළිදැක්වීමට කළුතර සිරිකුරුස විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපි ගෞරවයක් කොට සලකනවා. මෙම හවුල්කාරිත්වය එක් එක් පුද්ගලයන් සඳහා ගැළපෙන විශේෂතව වූ පුද්ගලාරෝපිත බැංකුකරණ විසඳුම් හඳුන්වා දීම සහ ඒ හරහා සමස්ත සමාජය සවිමත් කිරීම වෙනුවෙන් අපගේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂියක්ද වෙනවා.

HCC හි ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති ලූෂන් ඇල්වරේස්, මෙම සහයෝගීතාව සඳහා කෘතඥතාව පළ කරමින් මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘ NDB බැංකුව සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය අපගේ සාමාජිකයන්ට සහ අප සියලූ දෙනාට මඟහසර කියාදුන් අපගේ පාසලට කෘතගුණ දැක්වීමේ වැදගත් පියවරක්. එය ශක්තිමත් සහ වඩාත් එකමුතු කණ්ඩායමක් ගොඩනැගීම සඳහා වන අපගේ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක්.
වසර 125කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත කළුතර සිරිකුරුස විදුහල, කොළඹ, එක්සත් රාජධානිය සහ ඕස්ටේ‍්‍රලියාව පුරා විහිදී ඇති ශක්තිමත් ආදි ශිෂ්‍ය ජාලයක් ගොඩනගා ඇත. ආදි ශිෂ්‍ය සංගමය විසින් ආදි ශිෂ්‍යයන් ඒකරාශී කර පාසලේ උන්නතියට දායක වීම සඳහා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි.

HCC OBU සමඟ ඇති මෙම හවුල්කාරිත්වය නව්‍ය මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරමින් සමාජය සවිබල ගැන්වීමේ NDB බැංකුවේ මෙහෙවර තහවුරු කරයි. HCC ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීම කළුතර සිරිකුරුස විද්‍යාලයේ උරුමය සැමරීමක් පමණක් නොව එහි වත්මන් සහ ඉදිරි කාර්යයන් සඳහා සහය දැක්වීමේ සුවිශේෂි පියවරක් වේ.



අදහස් (0)

NDB බැංකුවෙන් කළුතර සිරිකුරුස විදුහලේ ආදි සිසුන්ට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඩ්පතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site