IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


NDB බැංකුව ස්මාර්ට් බැංකුකරණ විසඳුමක් වන NDB Pixel ගිණුම හඳුන්වා දෙයි

වයස අවුරුදු 13ත් 17ත් අතර නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් සඳහා සුවිශේෂයෙන්ම නිර්මාණය කරන ලද නවෝත්පාදන ඩිජිටල් බැංකුකරණ විසඳුමක් වන NDB Pixel, NDB බැංකුව විසින් හඳුන්වාදෙන ලදී. මෙම මුලපිරීම මුදල් රහිත සමාජයක් බිහි කරමින්, ජාතියේ ඩිජිටල් පරිවර්තනීය අරමුණු සමඟ පෙළගැසෙමින් වඩාත් ආරක්ෂිත සහ පහසුදායී මුල්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය මෙවලම් මඟින් තරුණ පරපුර සන්නද්ධ කිරීම සඳහා සැළකිය යුතු පියවරක් ලෙස හැඳින්විය හැක.

වර්තමාන අධිවේගී ඩිජිටල් යුගයේ මූලික මුල්‍ය අධ්‍යාපනය තීරණාත්මක වේ NDB Pixel යෞවන යෞවනියන්ට විශ්වාසනීයව තම මුල්‍ය ගමන ආරම්භ කිරීමට ශක්තිමත් වේදිකාවක් සපයයි. NDB NEOS ඇප් එක මඟින් ගිණුම් හිමියන්ට ඔවුන්ගේ මුල්‍ය ගනුදෙනු සඳහා ඕනෑම වේලාවක ප්‍රවේශ වීමේ හැකියාව සහ මුල්‍ය වගකීම සහ ස්වාධීනත්වයද ප්‍රවර්ධනය කරයි. පෞද්ගලීකරණය කළ ඩෙබිට් කාඩ්පත භෞතික මුදල් පරිහරණය මත යැපීම අඩු කරමින් එදිනෙදා අවශ්‍යතා සඳහා වඩාත් ආරක්ෂිත සහ මුදල් රහිත ගනුදෙනු සඳහා පහසුකම් සපයයි.

යොවුන් දරුවන්ගේ මුල්‍ය පුරුදු හැඩගැස්වීම සඳහා මවුපියන්ගේ වැදගත් කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, NDB Pixel මවුපියන්ට පහසුවෙන් නීරීක්ෂණය කළහැකි විශේෂාංග එක් කර ඇත. දරුවන්ට මුල්‍ය අධ්‍යාපනය ලබාදීමට සහය වන ප්‍රවේශයක් ගොඩනගමින් මවුපියන්ට හෝ භාරකරුවන්ට ගිණුම් ශේෂය නිරීක්ෂණය කිරීම, සිදු කරන ගනුදෙනු සඳහා කෙටි පණිවිඩ ලබා ගැනීම සහ සියලුම ගිණුම් ක්‍රියාකාරකම් අධීක්ෂණය කළ හැකි වීම වැනි පහසුකම් රැසක් NDB Pixel මඟින් ලබාගත හැක.

ඉතිරි කිරීමට අමතරව ගනුදෙනු කිරීමේ හැකියාවද පිරිනමමින් NDB Pixel ගිණුම දරුවන්ගේ සාම්ප්‍රදායික ඉතිරි කිරීමේ ගිණුම්වලට වඩ වඩාත් කැපී පෙනෙයි. ඩෙබිට් කාඩ්පතක් සහ NDB NEOS සමඟ ජංගම බැංකුකරණ සේවා ඇතුළත්ව, ඒකාබද්ධ ඩිජිටල් බැංකුකරණ සේවා සමඟින් මෙම ගිණුම ප්‍රායෝගික මුල්‍ය අධ්‍යපනය පිළිබඳ අවබෝධයක් ලබා දේ. මීට අමතරව වියදම් මනා පාලනයක් සහිතව සිදු කිරීම සඳහා කාඩ්පත් සහ ඔන්ලයින් ගෙවීම් රු.20,000.00 ක දෛනික ගනුදෙනු සීමාවක් නියම කර ඇති අතර එම සීමාව මවුපියන්ගේ අනුමැතිය මත වෙනස් කිරීමේ හැකියාවද පවතියි.  NDB Pixel යනු ඊළඟ පරම්පරාවට ඔවුන්ගේ මුල්‍ය කටයුතු වගකීමෙන් හා ආරක්ෂිතව කළමනාකරණය කිරීමට අවශ්‍ය මෙවලම් සහ දැනුමෙන් බලගැන්වීම NDB බැංකුවේ අපගේ කැපවීමයි. ආරක්ෂිත සහ පහසු ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන්, ශ්‍රී ලංකාවේ මුදල් රහිත ආර්ථිකයක් කරා යන ගමනට අපි දායක වෙනවා, යනුවෙන් NDB බැංකුවේ නිෂ්පාදන ජීවන චක්‍ර කළමනාකරණය පිළිබඳ සහකාර උප සභාපති දමිත සිල්වා මහතා මෙම ගිණුම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

NDB Pixel හඳුන්වාදීමෙන්, යොවුන් වයසේ දරුවන් අතර මුල්‍ය කටයුතු වලට ඔවුන් දායක කරගැනීම සහ ඩිජිටල් සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන තම කැපවීම නැවත තහවුරු කිරීමට NDB බැංකුව බලාපොරොත්තු වේ. එයට අමතරව ගෙවීම් පද්ධති ඩිජිටල්කරණය කිරීමේ සහ ශ්‍රී ලංකාව තුළ සුරක්ෂිත, මුදල් රහිත සමාජයක් පෝෂණය කිරීමේ පුළුල් ජාතික න්‍යාය පත්‍රයට දායකවීමද මෙමඟින් අදහස් කෙරේ. 

 



අදහස් (0)

NDB බැංකුව ස්මාර්ට් බැංකුකරණ විසඳුමක් වන NDB Pixel ගිණුම හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site