IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


NDB කතා කරන දින දර්ශනයට 2024 Effie සම්මානයක්

NDB බැංකුව එළි දැක්වූ AI, තාක්ෂණයෙන් නිර්මාණය කළ දින දර්ශනය සඳහා 2024 Effie  සම්මාන උළෙලේදී ‘Brand Experience’  කාණ්ඩය යටතේ කීර්තිමත් රිදී සම්මනයකින් පිදුම් ලැබීය. මෙම ඇඟයීම ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් අත්දැකීමක් නිර්මාණය කිරීමටත්, දෛනිකව ගනුදෙනු කරුවන් බැංකුව සමඟ සම්බන්ධ කිරීම මෙහි අරමුණ වේ.
මෙම සුවිශේෂ ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් උප සභාපති/ අලෙවිකරණ ප‍්‍රධානී, දර්ශන ජයසිංහ මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. &මෙම ජයග‍්‍රහණය බැංකු ක්ෂේත‍්‍රය තුළ සීමා මායිම් ඉක්මවා යමින් සහ නව ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීම සඳහා අපගේ ඇති කැපවීම පිළිඹිබු කරයි. මෙම AI දින දර්ශනය අපගේ ගනුදෙනුකරුවන්ට නව්‍ය සහ වෙනස් වූ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් අප දරන උත්සාහය නිරූපණය කරයි. මෙම නිර්මාණශීලිත්වය යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම සඳහා කටයුතු කළ අපගේ කණ්ඩායම ඇතුලූ මේ සඳහා දායක වූ සියලූ දෙනාටම මාගේ ස්තූතිය පුද කර සිටිමි.*
අලෙවිකරණ කාර්යක්ෂමතාව සංකේතවත් කරමින් ගෝලීය වශයෙන් පිළිගත් Effie සම්මාන උළෙල නවෝත්පාදන උපායමාර්ග තුළින් සුවිශේෂී ප‍්‍රතිඵල ලබා දෙන ව්‍යාපරයන් ඇඟයීමට ලක් කරයි. ‘Brand Experience’  කාණ්ඩය යටතේ NDB බැංකුව ලබාගත් මෙම සාර්ථකත්වය ඩිජිටල් පරිවර්තන සමඟ මුසු වෙමින් ගනුදෙනුකරුවන් උදෙසා අර්ථවත් අත්දැකීම් සමූහයක් ගොඩනැගීම සඳහා අවධානය යොමු කිරීම අවධාරණය කරයි.
NDB බැංකුවේ මෙම AI දින දර්ශනයකට වඩා එහා ගියල ඩිජිටල් බැංකුකරණ අවකාශයේ ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කිරීම සඳහා වූ සුවිශේෂ පියවරකි.
මූල්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමියා ලෙස NDB බැංකුව අඛණ්ඩව සිය ගමන් මාර්ගයේ ස්ථාවරව ඉදිරියට ඇදෙන අතර මෙම සාර්ථකත්වය සීමා මායිම් ඉක්මවා යෑමට, ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සහ ශ‍්‍රී ලංකාවේ බැංකුකරණයේ හැකියාව නැවත නිර්වචනය කිරීමට පෙළඹවීමට කටයුතු කරයි.

 



අදහස් (0)

NDB කතා කරන දින දර්ශනයට 2024 Effie සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site