IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


NDB විවිධත්වයට හොඳම බැංකුවට හිමි Euromoney සම්මානය

NDBබැංකුව 2024 Euromoney සම්මාන උළෙලේදී විවිධත්වය සහ සියලු දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානයක් වීම වෙනුවෙන් හොඳම බැංකුව සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙම ගෞරවනීය ඇගයීම හිමි කරගැනීමෙන් ආයතනය තුළ විවිධත්වය, සමානාත්මතාව සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව ප‍්‍රමුඛ සේවා ස්ථාන සංස්කෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම අවධාරණය කරයි. 

NDB බැංකුව සෑම විටම සෑම පුද්ගලයකුටම හිමි අනන්‍ය හැකියාවෙන් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවස්ථා හිමිවන සේවා පරිසරයක් ප‍්‍රවර්ධනය කිරීම සහතික කරමින් මෙම සම්මානය හිමිවිය. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවට සහාය දැක්වීම, පක්ෂග‍්‍රාහීකම් ඉවත් කිරීමට සහ සියලූම සේවකයන්ට සාධාරණ අවස්ථා ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප‍්‍රතිපත්ති සහ භාවිතාවන් ද මෙයට ඇතුළත් වේ. ඒ වෙනුවෙන් බැංකුවේ ඇති කැපවීම වෙනුවෙන්, 2023 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන කාන්තා-හිතකාමී සේවා ස්ථානයක් ලෙස NDB බැංකුව පිළිගැනීමට ලක් විය.

NDB බැංකුවේ ප‍්‍රමුඛතම මුලපිරීම් වලින් එකක් වන Fearlessly Femaleවැඩසටහන, ආයතනය තුළ සහ සාමාජීය වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන ඇත. එය කාන්තාවන් දිරිමත් කිරීමට, ඔවුන්ට සහාය වීමට සහ උපදේශන සේවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. මෙමඟින් කාන්තා කුසලතා පෝෂණය කර ඒවා දිරිමත් කරනු ලබන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි. මෙම මුලපිරීම, වැඩ කරන කාන්තාවන්, ගෘහ සේවිකාවන්, කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසාය සහ කාන්තා ව්‍යවසායකයන් ඇතුළු විවිධ තරාතිරම්වල කාන්තාවන් සඳහා ඉලක්කගත මුල්‍ය විසඳුම් සපයන අරලිය සන්නාමය යටතේ පවත්වාගෙන යනු ලබන NDB බැංකුවේ කාන්තාවන් වෙනුවෙන් බැංකුකරණය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වේ.



අදහස් (0)

NDB විවිධත්වයට හොඳම බැංකුවට හිමි Euromoney සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site