IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


NAITA - Huawei ICT ඇකඩමිය දියත් කරයි

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei සමඟ එක්ව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සැලසීමේ අරමුණින් NAITA - Huawei ICT ඇකඩමිය පසුගියදා විවෘත කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත්, Huawei ටෙක්නොලජීස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ ජයග්‍රහණය කළ හැකි, කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙත සහයෝගය දක්වමින්, Huawei විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තැබූ අතර, Wireless හා Datacom Hardware ස්ථාපනය, Environment Health & Safety (EHS) සහ ගුණත්ව වර්ධනය ඇතුළුව විදුලි සංදේශ ඉංජිනේරුවන්ගේ දැනුම හා පුහුණුවීම් සමග වාර්ෂිකව තරුණ තරුණියන් 300 කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරීමට මෙම සහයෝගීතාවය හරහා අපේක්ෂා කෙරේ.

මෙහි සමාරම්භක උත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමන් මෙසේ පැවසීය. අධ්‍යාපනය යනු තෘප්තිමත් ජීවිතයක් සඳහා පදනම ලෙස හඳුන්වන්න පුළුවන්. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යනු අප ආර්ථිකයේ ඉහළ වැදගත්කමක් දක්වන අංශයක්. එබැවින් මෙම ක්ෂේත්‍රයන් තුළ කුසලතා වර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා. අපේ රටේ අනාගතය තීරණය කරන වැදගත්ම සාධකය වන්නේත් නිපුණතා වලින් පිරිපුන් මානව සම්පතයි. ඒ හේතුවෙන් මෙම අංශයන්හි මානව සම්පත් සංවර්ධනය මූලික කරගනිමින්, වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළ සිදුවන මෙවැනි වර්ධනයන් අපේ රටේ අනාගතය සංවර්ධනය කරනවා කියලා කියන්න පුළුවන්. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම සඳහා Huaweiවිසින් සිදුකරනු ලබන මෙම කර්තව්‍ය ඉතා ප්‍රශංසනීය වන අතර, එය මෙම රටේ අනාගතය සංවර්ධනයට ඍජුවම බලපාන බව අපට කිව හැකියි”.



අදහස් (0)

NAITA - Huawei ICT ඇකඩමිය දියත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site