IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


Moose Clothing වැලන්ටයින් ප්‍රවර්ධන තරග වැඩසටහන නිමාව දකී

ශ්‍රී ලංකාවේ ප්‍රමඛතම ඇඟලුම් සන්නාමයක් වන Moose Clothing  (මූස් ක්ලෝතින්) විසින් පසුගිය ‘පෙම්වතුන්ගේ දිනය’ වෙනුවෙන් ක්‍රියාත්මක කළMoose Mega Valentine’s Giveaway’ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන  සාර්ථකව නිමා වී ඇත. දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයනට වටිනා ත්‍යාග ප්‍රදානය කළ මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ආදරය පැතිරවීම සහ පාරිභෝගිකයන් අගය කිරීම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කළ වැඩසටහනකි. 
ප්‍රවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ තරගය සඳහා පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර තරඟකරුවෝ ඔවුන්ගේ විලාසිතා සහ Moose Clothing වෙත ඔවුන් දක්වන ළබැඳිබව විදහා දක්වමින් ඊට සහභාගී වූහ. ඉතා උද්​ෙ යා්ගීමත් තරග කාල සීමාවෙන් අනතුරුව වඩාත් ආකර්ෂණීයතම තරගකරුවන් ජයග්‍රාහකයන් වශයෙන් තෝරා ගනු ලැබුණු අතර ඔවුන්ට සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 3 කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනමමින්, මෑත කාලයේදී මෙරට පැවත්වුණු විශාලතම ප්‍රවර්ධන තරඟ වැඩසටහන ලෙසින් නම රැන්දීමට Moose Clothing හට හැකි විය. 
මෙලෙස ත්‍යාග දිනාගත් ජයග්‍රාහකයන් වූයේ පළමු ස්ථානයට හිමි ත්‍යාගය වන මාලදිවයිනේ පූර්ණ වියදම් සහිත රාත්‍රී දෙකක සංචාරයක් දිනාගත් ගජනායක මහතා සහ මහත්මිය, දෙවැනි ස්ථානයට හිමි මෙරට සුඛෝපභෝගී හෝටලයක පූර්ණ වියදම් සහිත රාත්‍රී දෙකක නිවාඩුවක් දිනාගත් විතානගේ මහතා සහ මහත්මිය සහ තෙවැනි ස්ථානයට හිමි පූර්ණ වියදම් සහිත රාත්‍රී භෝජනයක ත්‍යාගය දිනාගත් ප්‍රියසංක මහතා සහ මහත්මියයි. මීට අමතරව තවත් වාසනාවන්ත යුවළ 7 ක් සඳහා එක් අයකුට රුපියල් 5000 ක් වටිනා Moose Clothing  තෑගි වවුචර හිමි විය. මේ ප්‍රධාන ත්‍යාගවලට අමතරව සහභාගී වූ සියලුම සුදුසුකම් සැපිරූ තරඟකරුවන්ට රුපියල් 2000 ක් වටිනා Moose Clothing  තෑගි වවුචර හිමි වීම විශේෂත්වයකි. 

 



අදහස් (0)

Moose Clothing වැලන්ටයින් ප්‍රවර්ධන තරග වැඩසටහන නිමාව දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site