
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC) හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන වෘත්තිකයන්, විශේෂඥයන් සහ කෘෂිකර්ම, වන විද්‍යා සහ තාක්ෂණ පීඨ නියෝජනය කරන සිසුන් පිරිසකින් සමන්විත වූ එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි.
මෙම වැඩසටහන තිරසාර කෘෂිකර්මාන්තය, පළිබෝධ කළමනාකරණය, තාක්ෂණික හුවමාරුව සහ සංස්කෘතික අවබෝධය ඉහළ නැංවීම ප්‍රමුඛ කර ගත් හවුල්කරිත්වයක කොටසකි. කෘෂිකාර්මික සහ පාරිසරික පුරුදු පිළිබඳ ඒකාබද්ධ පන්ති කාමර සැසි, Minasro College හි 10 ශේණියේ සිසුන් සමග අන්තර්ක්‍රියාකාරී හුවමාරු වැඩසටහන්, CGVC හි පළිබෝධ කළමනාකරණ විශේෂඥ කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක්, රටවල් දෙකේ සාම්ප්‍රදායික කලා, සංගීත සහ සංස්කෘතික වැඩසටහන් ඇතුළු බොහෝ දෑ ඊට ඇතුළත් විය.
Minasro College නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ආචාර්ය මේජර් අනුර කන්නන්ගර සඳහන් කළේ එවැනි වැඩසටහන් ඉතා වැදගත් බවයි. “මෙය හුදෙක් අධ්‍යාපනික වැඩසටහනක් පමණක් නොවෙයි; ගෝලීය දැනුම, කුසලතා සහ සම්බන්ධතා සමග අපගේ සිසුන් බල ගන්වමින් දෙරට යා කරන පාලමක් ලෙස මෙය හැඳින්විය හැකියි.” CGVCහි උප සභාපති යුආන් ඩෙස්හි ශ්‍රී ලාංකික සිසුන්ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ඔවුන්ගේ විනයගරුක බව විශේෂයෙන් අගය කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ගුරු හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ තුළින් ඉදිරියේදීත් Minasro College සමග එක් වී කටයුතු කරන බවයි. අධ්‍යාපනික රාජතාන්ත්‍රිකභාවයේ සුවිශේෂ සන්ධිස්ථානයකි.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති