IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


Mastercard වෙතින් අලු‍ත් අවුරුද්දට රු. මි. 6ක තෑගි පිරිනමන Spend and Win

එළඹෙන අලු‍ත් අවුරුදු සමය වඩාත් උ​ෙ‌ද්‍යා්ගිමත් අත්දැකීමක් බවට කරන්නට Mastercard කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 6ක තෑගි දිනා ගැනීමේ අවස්ථාව හිමි කර දෙන 'Spend and Win' නමින් අලු‍ත්ම තරගයක් හඳුන්වා දී ඇත.

සුපිරි වෙළෙඳසැල්, ඇඳුම් පැළඳුම්, දුරකථන හා සන්නිවේදන, e-commerce, කුලී වාහන සහ ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන වෙළෙඳ ආයතන රැසක් ඇතුළත් මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මගින් අලු‍ත් අවුරුදු සමයේ ඩිජිටල් ගනුදෙනු වඩාත් ඵලදායී කිරීමට අපේක්ෂා කෙරේ. තවද, ලංකාවේ ප්‍රධානතම ජාතික උත්සව සමයකදී, සුරක්ෂිතව මුදල් රහිත ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන් උනන්දු කිරීමටත්, කාඩ්පත් හිමියන්ට අසමසම පහසුවක් සහ වටිනාකමක් ලබා දෙන්නටත් මෙමඟින් අවස්ථාව උදා වනු ඇත. 

මෙම ප්‍රවර්ධන කටයුත්ත සඳහා සම්බන්ධ වන ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් අතරට Cargills, Cool Planet, Dialog, KOKO, Daraz, PickMe සහ Cinnamon Grand ඇතුළත් වන අතර, ඔවුන් වෙතින් සුවිශේෂී ත්‍යාග පිරිනැමෙනු ඇත. 

”‍ව්‍යාපාර සහ ජනතාව අතර ඩිජිටල් ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා Mastercard හැම විටම කැපවී සිටිනවා. Spend and Win වැඩසටහන මගින් අපගේ මෙම කැපවීම වඩාත් හොඳින් පෙන්නුම් කෙරෙනවා. විවිධ කාණ්ඩවල වෙළෙඳ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, උත්සව සමයේ සාප්පු සවාරි අත්දැකීම් අතරතුර අපගේ කාඩ්පත් හිමියන්ට අසමසම පහසුවක්, ආරක්ෂාවක් මෙන්ම වටිනා ත්‍යාග පිරිනැමීම Mastercard අපේ අරමුණයි,”‍ Mastercard ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සඳුන් හපුගොඩ මහතා අදහස් දක්වමින් පැවසීය.



අදහස් (0)

Mastercard වෙතින් අලු‍ත් අවුරුද්දට රු. මි. 6ක තෑගි පිරිනමන Spend and Win

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site