එළඹෙන අලුත් අවුරුදු සමය වඩාත් උෙද්යා්ගිමත් අත්දැකීමක් බවට කරන්නට Mastercard කාඩ්පත් හිමියන්ට රුපියල් මිලියන 6ක තෑගි දිනා ගැනීමේ අවස්ථාව හිමි කර දෙන 'Spend and Win' නමින් අලුත්ම තරගයක් හඳුන්වා දී ඇත.
සුපිරි වෙළෙඳසැල්, ඇඳුම් පැළඳුම්, දුරකථන හා සන්නිවේදන, e-commerce, කුලී වාහන සහ ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන වෙළෙඳ ආයතන රැසක් ඇතුළත් මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මගින් අලුත් අවුරුදු සමයේ ඩිජිටල් ගනුදෙනු වඩාත් ඵලදායී කිරීමට අපේක්ෂා කෙරේ. තවද, ලංකාවේ ප්‍රධානතම ජාතික උත්සව සමයකදී, සුරක්ෂිතව මුදල් රහිත ගනුදෙනු කිරීමට පාරිභෝගිකයන් උනන්දු කිරීමටත්, කාඩ්පත් හිමියන්ට අසමසම පහසුවක් සහ වටිනාකමක් ලබා දෙන්නටත් මෙමඟින් අවස්ථාව උදා වනු ඇත.
මෙම ප්‍රවර්ධන කටයුත්ත සඳහා සම්බන්ධ වන ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් අතරට Cargills, Cool Planet, Dialog, KOKO, Daraz, PickMe සහ Cinnamon Grand ඇතුළත් වන අතර, ඔවුන් වෙතින් සුවිශේෂී ත්‍යාග පිරිනැමෙනු ඇත.
”ව්‍යාපාර සහ ජනතාව අතර ඩිජිටල් ගෙවීම් භාවිතය ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා Mastercard හැම විටම කැපවී සිටිනවා. Spend and Win වැඩසටහන මගින් අපගේ මෙම කැපවීම වඩාත් හොඳින් පෙන්නුම් කෙරෙනවා. විවිධ කාණ්ඩවල වෙළෙඳ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, උත්සව සමයේ සාප්පු සවාරි අත්දැකීම් අතරතුර අපගේ කාඩ්පත් හිමියන්ට අසමසම පහසුවක්, ආරක්ෂාවක් මෙන්ම වටිනා ත්‍යාග පිරිනැමීම Mastercard අපේ අරමුණයි,” Mastercard ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු සඳුන් හපුගොඩ මහතා අදහස් දක්වමින් පැවසීය.
2025 නොවැම්බර් මස 04
206
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Mastercard වෙතින් අලුත් අවුරුද්දට රු. මි. 6ක තෑගි පිරිනමන Spend and Win