IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


Macbertan සමාගම CNCI රන් සම්මාන දිනයි

තාප නිවාරක, ශබ්ද නිවාරක සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල පුරෝගාමියකු වන Macbertan පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේ දී මධ්‍යම කාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගත්තේය. එමගින් පූර්ණ තත්ව කළමනාකරණය, සේවා විශිෂ්ටත්වය, වෘත්තිමයභාවය සහ තිරසාර වර්ධනය යන අංශවලින් එම සමාගම ලබා ඇති ප්‍රගතිය යළි තහවුරු වේ. 
1997 දී McLarens Holdings සහ Alliance Finance යන සමාගම් අතර ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වයක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ Macbertan සමාගම මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයට සුවිශාල දායකත්වයක් සපයා ඇත. එම සමාගම Expanded Polyethylene (EPE) Foam සහAir Bubble Sheet ඇතුළු උසස් තත්වයේ ඇලු‍මිනියම් සහ ප්ලාස්ටික් බැරියර් ලැමිනේට් ටියුබ් දක්වා විහිදී යන පුළුල් නිෂ්පාදන පරාසයකට හිමිකම් කියයි. ආරම්භයේ සිට වර්තමානය දක්වා උසස් තාක්ෂණ ක්‍රමවේදවලට අනුගත වෙමින් අඛණ්ඩව සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නංවා ඇති එම සමාගම ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා තිබේ.
‘වැඩිදියුණු කරන ලද පහසුව සහ ආරක්ෂාව’ යන පාරිභෝගික පොරොන්දුව අනුව නිෂ්පාදන කටයුතු සිදු කරන Macbertan සමාගමේ කාර්ය මණ්ඩලය 125කට අධික වේ. නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත කර්මාන්ත ශාලාවකට හිමිකම් කියන එහි නිෂ්පාදන සන්නාම අතර McFoam, McFoil, McFoil Ultrawide, McWrap Protect Plus, සහ McLami Tubes ප්‍රධාන වේ. CNCI රන් සම්මානය Macbertan සමාගම නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ දරන නායකත්වය තහවුරු කරයි. ඒ තුළින් නව්‍යකරණය, විශ්වසනීයභාවය සහ දේශීය නිමැවුම් විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගම සතු කැපවීම ඇගයීමට ලක් කර ඇත. ඉදිරියේ දී තාප සහ ශබ්ද පරිවරණ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ කලාපීය වශයෙන් ඇසුරුම්කරණ විසඳුම් වඩාත් පුළුල් කිරීම සමාගමේ අපේක්ෂාවයි. වෘත්තීමය සේවා බලාපොරොත්තු වන පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් සමග හවුල්කාරිත්ව ඇතිකර ගැනීමටද සමාගම සැලසුම් කර ඇත. “ශ්‍රී ලංකාව තුළ නිපදවන අපගේ නිෂ්පාදන සියල්ල ගෝලීය ප්‍රමිතිවලට අනුගත වෙමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට අප සෑමවිටම කැප වී සිටිනවා. මෙම සම්මානය ඒ වෙනුවෙන් ලැබුණු සුවිශේෂ සහ වටිනා දිරිගැන්වීමක්.” සමාගමේ ඉහළ කළමනාකාරිත්වය සඳහන් කළේය.

 



අදහස් (0)

Macbertan සමාගම CNCI රන් සම්මාන දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 506 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site