කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති Lanka Chairman’s Business Excellence සම්මාන උළෙලේදී වසරේ හොඳම සහ ප්‍රමුඛතම විදෙස් රැකියා පුහුණු පාසල ලෙස ඌරගස්මංහන්දිය, යටගල C.S.T.I  බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමිය සම්මානයට පාත්‍ර විය.
මේ ආයතනය ආරම්භ කර තෙවසරක් ඉක්ම යාමටත් පෙර මේ වසරේදී (2026) එම ආයතනය මෙසේ ජාතික වශයෙන් වැදගත් සම්මාන උළෙල පහකදීම සම්මානයට පාත්‍ර වූ පස්වැනි අවස්ථාව මෙය වේ.
ඊශ්‍රායලය ඇතුළු යුරෝපීය රටවල රැකියාවලට යාමට අපේක්ෂාවෙන් සිටින මෙරටේ ශ්‍රමිකයන් පුහුණු කිරීම මේ ආයතනයේ කාර්යභාරය වන බවත් මේ වනවිට සිය ආයතනයෙන් පුහුණුව ලබා ඊශ්‍රායලයේ පමණක් රැකියා සඳහා පිටත්ව ගිය මෙරට ශ්‍රමිකයන් නව දහසකට ආසන්න බවත් එය සැලකිල්ලට ගනිමින් සිය ආයතනයට මෙසේ පිට පිටම සම්මාන ලැබෙන බවත් C.S.T.I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කීය.
මේ සම්මාන උළෙලේදී සිය ආයතනයට හිමි සම්මානය C.S.T.I බියුරෝ ජාත්‍යන්තර පුහුණු ඇකඩමියේ ප්‍රධාන අධ්‍යක්ෂිකා ජයනි අංජුලා, සාමාන්‍යාධිකාරී නුවන්ත මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඇතුළු ආරාධිත අමුත්තන් අතින් ලබාගත් අවස්ථාවයි.