භානුක අමරසිංහ
ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි පිහිටි හෝටල් සමාගම් සමූහයක් වන Wyndham Hotels & Resorts මගින් පවත්වාගෙන යන La Quinta by Wyndham සන්නාමයේ සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට එම සමාගම අදහස් කරගෙන සිටින බව වාර්තා පවසයි.
Wyndham Hotels & Resorts සමාගම ඉදිරි වසර 10 තුළදී ආසියානු කලාපයේ සිදුකරන සිය මෙහෙයුම් පුළුල් කිරීම යටතේ මෙම හෝටලය ඉදිකිරීම සැලසුම වී තිබේ. එහිදී ඉන්දියාවේ ප්‍රමුඛතම හෝටල් සමූහයක් වන Cygnett Hotels and Resots හා එක්ව Wyndham Hotels & Resorts සමාගම මෙම මෙහෙයුම් පුළුල් කිරීම සිදු කිරිමට බලාපොරොත්තු වෙයි.
ඒ යටතේ ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය තුළ ඉදිරියේදී හෝටල් 60කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීම සැලසුම වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවද ඇතුළුව දකුණු ආසියානු කලාපය වෙත පැමිණෙන ඉහළ මට්ටමේ ධනවත් සංචාරකයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම මෙම ආයෝජනය සඳහා හේතුව වී තිබේ.
Wyndham Hotels & Resorts සමාගම දැනටමත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය තුළ Ramada by Wyndham, Howard Johnson by Wyndham සහ Wyndham Garden යන සන්නාමවලින් යුත් හෝටල් 70 ක් පමණ කළමනාකරණය කර පවත්වාගෙන යයි.
කොළඹ ගාලුමුවදොර ආසන්නයේ පිහිටි Ramada Colombo හෝටලය මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි Ramada Seeduwa හෝටලයත් Wyndham Hotels & Resorts සමාගම මගින් මෙරට තුළ පවත්වාගෙන යන හෝටල් දෙකකි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
La Quinta by Wyndham සුඛෝපභෝගී හෝටලයක් ශ්‍රී ලංකාවටත්