භානුක අමරසිංහ
LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා ලබන දෙසැම්බර් 02 වැනිදා විවෘත කරන බව පවසයි. මෙය ලැයිස්තුගත, වර්ගකෙරුණු, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි වසර පහකින් කල්පිරෙන ණයකර නිකුතුවක් ලෙස සිදු කෙරේ.
එහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කෙරෙන අතර, ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුව හරහා රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 15කි.
මෙහිදී වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන එම ණයකර Type A,B සහ C ලෙස වර්ග කර තිබේ. ඒ අතරින් Type A සඳහා වාර්ෂිකව ගෙවන සියයට 11.25ක වාර්ෂික ස්ථාවර කූපන් අනුපාතයක්ද, Type B සඳහා අර්ධ-වාර්ෂිකව ගෙවන සියයට 10.95ක වාර්ෂික ස්ථාවර කූපන් අනුපාතයක්ද, Type C සඳහා වාර්ෂිකව ගෙවන දින 364ක භාණ්ඩාගාර බිල්පත් + සියයට 2.50 ක වාර්ෂික පාවෙන පොලී අනුපාතයක්ද ගෙවන බව සමාගම පවසයි.
2025 නොවැම්බර් මස 21
184
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
LOLC ෆිනෑන්ස් රු.බි. 15ක ණයකර නිකුතුව දෙසැම්බර් 02දා