IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


LOLC ෆිනෑන්ස් කොටස් යළි මිලදී ගැනීම ඇරඹෙයි

භානුක අමරසිංහ

LOLC සමූහයට අයත් LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකරුවන් සතු කොටස් යළි මිලදී ගැනීම ඊයේ දිනයේදී ආරම්භ වුණු බව වාර්තා වෙයි. මෙම කොටස් යළි මිලදී ගැනීම ලබන ජූලි 08 වැනිදා දක්වා සිදුවෙයි. මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 3,519,065,138 ක් ආපසු මිලදී ගැනීම සිදු කරන බව සමාගම පවසයි. 

එක් කොටසක් රුපියල් 6 ක් බැගින් මෙම මිලදී ගැනීම සිදු කරන අතර, ඒ සඳහා ගෙවන මුළු මුදල රුපියල් බිලියන 21 ක් (21,114,390,828 ක්) ලෙස සටහන්ව තිබේ. ලබන ජූලි 23 වැනිදා වනවිට අදාළ කොටස් සඳහා අදාළ මුදල් කොටස් හිමිකරුවන්ට ගෙවීම සිදු කරන බවත් සමාගම පවසයි.

පසුගිය ජූනි 24 වැනිදා කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසන් වීමෙන් අනතුරුව මෙම මිලදී ගැනීම වාර්තා කෙරුණු අතර, 25 සිට 28 දක්වා කාලය තුළ ඊට අදාළ ලියැවිලි සහ මිලදී ගැනීම බාර ගැනීමට අදාළ ලේඛන බෙදාහැරීම සිදුවිය. මේ වන විට සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණය කොටස් 33,079,212,299 කි. ඒ අතරින් 32,248,848,267 ක් මුල් කොටස් හිමිකරුවන් 20 දෙනා අතර බෙදී පවතී.



අදහස් (0)

LOLC ෆිනෑන්ස් කොටස් යළි මිලදී ගැනීම ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site