IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


LOLC සමූහයට 2025 - ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 9 ක්


LOLCහෝල්ඩිංග්ස් පීඑල්සී, ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ මෙන්ම අනාගතය දෙස අවධානය යොමු කරන ව්‍යාපාර සමූහය බව යළිත් තහවුරු කරමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) මගින් සංවිධානය කරන ලද 2025 - ජාතික ව්‍යාපාර විශිෂ්ටතා (NBEA)  සම්මාන ප්‍රදානයේදී කැපී පෙනෙන ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනු ලැබූයේ සිය වෙළෙඳපොළ ප්‍රමුඛත්වය සහ විශිෂ්ට ක්‍රියාකාරිත්වය විදහා පෙන්වමිනි. 

පසුගිය ජූලි 24 වැනිදා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති මෙම සම්මාන උළෙලේදී, LOLC සමූහය සමස්ත 2 වැනි අනුශූරතා (ලෝකඩ) සම්මානය ඇතුළුව ප්‍රධාන අංශ පහක් ඔස්සේ කීර්තිමත් සම්මාන නවයක් ජයග්‍රහණය කරමින් එහි ජාතික හා ගෝලීය මෙහෙයුම්වල ශක්තිය, සුවිසල් බව හා උපායමාර්ගික හැකියාව පිළිබිඹු කිරීමට සමත් විය.   

මේ වසරේ සම්මාන ප්‍රදානයේදී සමූහයේ ආයතන හතකට සම්මාන හිමිවූ අතර, එමඟින් එම අංශවල ප්‍රමුඛත්වය පමණක් නොව නවෝත්පාදනය, විශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ වගකීමෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් උදෙසා සමූහයේ ඒකාබද්ධ ප්‍රවේශය ද පෙන්නුම් කරයි.

LOLC ටෙක්නොලොජීස් - තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) සේවා අංශයේ රන් සම්මානය සහ විශාල කාණ්ඩයේ සමස්ත දෙවැනි අනුශූරතා (ලෝකඩ) සම්මානය 

LOLCෆිනෑන්ස් පීඑල්සී - බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ අනුශූරතාව සහ ශක්‍යතා ගොඩනැංවීමේ විශිෂ්ටත්වය සඳහා කුසලතා සම්මානය

LOLCලයිෆ් ඇෂුවරන්ස් (LOLCජීවිත රක්ෂණ සමාගම) - රක්ෂණ අංශයේ අනුශූරතාව

LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් (LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම) - රක්ෂණ අංශයේ කුසලතා සම්මානය
බ්‍රවුන් සහ සමාගම - වෙළෙඳ අංශයේ අනුශූරතාව

බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් -  රිවීල් මිරිස්ස කලෙක්ෂන් - හෝටල් සහ සංචාරක අංශයේ අනුශූරතාවය
බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් -  තාල බෙන්තොට,  (Thaala Bentota)  - හෝටල් සහ සංචාරක අංශයේ කුසලතා සම්මානය

මෙම විශිෂ්ට සම්මාන, උපායමාර්ග සහ නායකත්වය, ආයතනික පාලනය සහ ක්‍රමෝපාය, කාර්ය සාධන කළමනාකරණය, දේශීය සහ ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය, පාරිසරික සමාජීය සහ පාලන  (ESG) ඒකාබද්ධ කිරීම සහ මූල්‍ය ප්‍රතිඵල යන ප්‍රධාන අංශ හතක් ඔස්සේ සිදුකරන ලද දැඩි ඇගයීමක ප්‍රතිඵලයකි. ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ප්‍රදානය ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය හා පරිපූර්ණ ව්‍යාපාරික සම්මාන ප්‍රදානයක් වන අතර, එහිදී ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ කීර්තිමත් විශේෂඥ මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අදියර කිහිපයකින් යුත් සූක්ෂම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියකිනි. 

මෙහිදී දීප්තිමත් කාර්ය සාධනයක් පෙන්නුම් කළ LOLC ටෙක්නොලොජීස්, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT)  සේවා අංශයේ ප්‍රමුඛයා ලෙස පමණක් නොව, විශාල සමාගම් කාණ්ඩයේ සමස්ත දෙවැනි අනුශුරතාව හිමිකර ගැනීමට සමත් විය. තාක්ෂණික නවෝත්පාදන සහ සේවා විශිෂ්ටතාව ඔස්සේ ව්‍යවසාය පරිවර්තනය කිරීම උදෙසා පුරෝගාමීත්වය සැපයීමෙන් ඛධඛක්‍ ටෙක්නොලොජීස් සිදුකළ බලපෑම පිළිගැනීමද මෙම සම්මාන මඟින් සලකුණු කෙරේ.  

LOLC ෆිනෑන්ස් පීඑල්සී සමාගමද ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ සිය නායකත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ආංශික අනුශූරතාව මෙන්ම ශක්‍යතා ගොඩනැංවීම උදෙසා කුසලතා සම්මානයක්ද ජයග්‍රහණය කළේය. මෙම සම්මානවලින් කුසලතා පෝෂණය, අභ්‍යන්තර පද්ධති සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, ඉහළ  ක්‍රියාකාරිත්වයකින් යුත් සංස්කෘතියක් ඇති කිරීම මෙන්ම තිරසාර වර්ධනයක් උදෙසා කාර්යමණ්ඩලය සවිබල ගැන්වීම සඳහා වූ  LOLCෆිනෑන්ස් හි කැපවීම ඉස්මතු කරයි.

රක්ෂණ අංශයෙන්, සමූහය ලැබූ ද්විත්ව ජයග්‍රහණ තවත් ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරයි.  LOLC  ලයිෆ් ඇෂුවරන්ස් සහ  LOLC  ජෙනරල් ඉන්ෂුවරන්ස් රක්ෂණ අංශයේ මුල් සම්මාන තුනෙන් දෙකක්ම ජයග්‍රහණය කිරීමට සමත් විය. එය සියල්ලන් ඇතුළත්, අනාගතයට ගැළපෙන මූල්‍ය ආරක්ෂණ විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයන්හි සමූහයේ වර්ධනය වන බලපෑම සනාථ කරයි.

වෙළෙඳ අංශයේදී, බ්‍රවුන් සහ සමාගම කෘෂිකර්මාන්තය, ඉංජිනේරු, නිවාස සහ කාර්යාල විසඳුම් සහ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය වීම උදෙසා ඊට හිමි පිළිගැනීම අත්කර ගනු ලැබීය. මෙම සම්මානවලින් සමාගමේ අනුවර්තනය වීමේ හැකියාව මෙන්ම ජාතික ඵලදායිතාවයට සහ වෙළෙඳාම උදෙසා සියවස් එකහමාරකට අධික කාලයක් සිදුකල දිගුකාලීන බලපෑම පිළිගැනීමට ලක්විය.  

බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් මෙරට ප්‍රකෘතිමත් වෙමින් පවතින සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බවට පත් කරමින් ‘රිවීල් මිරිස්ස කලෙක්ෂන්’ සහිතාල බෙන්තොට’ලැබූ ජයග්‍රහණ තිරසර සංචාරක ව්‍යාපාරයක්, අව්‍යාජ ආගන්තුක සත්කාර සහ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල සේවා සැපයීම සඳහාවූ කැපවීම විදහා පායි.  

LOLC සමූහයේ ගමන් මඟේ නව මං සලකුණක් තැබූ මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් LOLCහෝල්ඩිංග්ස් පීඑල්සී හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. ‘මෙම සම්මාන LOLC සමූහය හඳුනා ගැනෙන එහි නොනවතින දිරිය, නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ සාමූහික පිළිගැනීමකි. මෙම සෑම ජයග්‍රහණයක්ම අපගේ ව්‍යාපාර පිටුපස සිටින කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ අභිලාෂයට, ඔවුන්ගේ දක්ෂතාවට සහ විශිෂ්ටත්වය උදෙසා කැපවීමට උපහාරයක් වේ. වඩාත් වැදගත් වන්නේ කල් පවතින අගයක් නිර්මාණය කිරීම, කර්මාන්ත නගා සිටුවීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය හැඩගැස්වීම සඳහා වූ අපගේ අරමුණු මෙම පිළිගැනීමෙන් පිළිබිඹු වීමයි.”‍

LOLC සමූහය දේශීය සහ ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් අඛණ්ඩව ව්‍යාප්ත කරද්දී ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (NBEA)උළෙලේදී පෙන්නුම් කල විශිෂ්ටත්වය, නායකත්වය මත ගොඩනැගුණු නවෝත්පාදන මගින් මෙහෙයවනු ලබන, අරමුණකින් යුතුව එක්සත් වූ එහි පරිණාමය වන උරුමයේ සංකේතයකි.



අදහස් (0)

LOLC සමූහයට 2025 - ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 9 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site