IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


LOLC සචි ශිෂ්‍යත්ව හපනුන්ට තෑගි බෙදයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහාම වෙන් වූ ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පතක් වන ‘LOLC සවි‘ මගින්, ‘සවි‘ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දුවා දරුවන් ඇගයීම අරමුණු කරගනිමින් ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහනක් නැවත වරක් දියත් කරන ලදී.

ඒ අනුව 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ‘සවි‘ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ගේ දරුවන් 170කට අධික පිරිසකට විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීමක් මෙහි දී සිදුකරන ලදී. මෙම ත්‍යාග බෙදාදීම LOLC ෆිනෑන්ස් හි දිවයින පුරා විහිදී පවතින ශාඛා ජාලය හරහා සිදු වූ අතර, ත්‍යාගලාභීන්ට පහසු ශාඛාවක් හරහා ත්‍යාග ලබා ගත හැකි විය.

අභියෝගාත්මක කාල වකවානුවක් තුළ රටේ පවතින ආර්ථික තත්ත්වය ද හමුවේ ‘LOLC සවි‘ මගින් සිදු කරනු ලැබූ මෙම කර්තව්‍යය දෙමාපියන්ගේ හා දරුවන්ගේ ප්‍රශංසාවට සහ ඇගයීමට ලක්විය.

‘ LOLC සවි‘ මගින් සිදුකරනු ලැබූ ශිෂ්‍යත්ව සමත් හපනුන් ඇගයීමේ මෙම වැඩසටහන රාජ්‍ය සේවකයන් ඇතුළු මහජන අවධානය දිනා ගැනීමට සමත් විය. රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන් සඳහාම නිර්මාණය කර ඇති‘ LOLC සවි’ ක්‍රෙඩිට් කාඩ්පත 2020 මහබැංකු ඩිජිටල් පරිවර්තන සැලැස්මට සමගාමීව LOLC  ෆිනෑන්ස්හි ඩිජිටල්කරණ උපාය මාර්ගයේ කොටසක් ලෙස හඳුන්වාදෙන ලද්දකි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස්හි පාරිභෝගික සහ ඩිජිටල් ව්‍යාපාර අංශයේ ප්‍රධානී හසල තිලකරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය,

‘‘අපේ මෙම ‘සවි‘ ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන හරහා 5 වසර ශිෂ්‍යත්වය සමත් දැයේ දරුවන් ඇගයීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත්වෙනවා. LOLC හි අපි නිරන්තරයෙන් දරුවන්ගේ අධ්‍යාපන සිහිනයන් සාක්ෂාත් කිරීමටද, ඔවුන්ගේ උපරිමය කරා ළඟාවීමට ඔවුන්ව සවිබල ගැන්වීමටද කැපවී සිටිනවා. මෙම වැඩසටහනෙන් මේ දුවා දරුවන් ඇඟයීමක් පමණක් නොවෙයි, ඔවුන්ට එම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔවුන් පසුපසින් සිට උපකාර කළ දෙමාපියන්ට ද අපගේ හෘදයාංගම ප්‍රශංසාව පිරිනැමෙනවා. ඒවගේම, මේ දරුවන්ගේ පමණක් නොවෙයි සමස්ත ජාතියේම ඉදිරි පරපුරේ ප්‍රගතිය වෙනුවෙන් ඇප කැප වී වැඩ කිරීමට LOLC ආයතනයේ අපි කවදත් බලාපොරොත්තු වෙනවා”‍.

595



අදහස් (0)

LOLC සචි ශිෂ්‍යත්ව හපනුන්ට තෑගි බෙදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site