IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


LOLC Finance කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අත්හරී

භානුක අමරසිංහ


LOLC සමූහයට අයත් LOLC Finance PLC සමාගම සතුව පැවැති කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි සියයට 40 ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමූ බව එම සමාගම පවසයි. ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් LOLC Finance සමාගම මේ බව අනාවරණ කර තිබේ.

 ඒ අනුව පසුගිය මාර්තු 31 වැනිදා රුපියල් 332,880,000 ක මුදලකට මෙම අලෙවිය සිදු කෙරුණු බව සමාගම පවසයි. 1987 වසරේදී ආරම්භ කෙරුණු එම සමාගම පසුගිය වසර 38 පුරා ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයේ නියැලී තිබේ. සමාගමෙහි ඉතිරි සියයට 60ක කොටස් හිමිකාරීත්වය කොමර්ෂල් බැංකුව වෙත හිමිව තිබේ. මේ අතර කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ලිමිටඩ් (CIB) සමාගමෙහි වෙබ් අඩවියට අනුව වර්තමානයේදී එම සමාගම කොමර්ෂල් බැංකුවෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස නම් කර තිබේ.



අදහස් (0)

LOLC Finance කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් අත්හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site