LOLC ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම, බ්‍රේල් ක්‍රමයට සැකසූ Braille-Enabled Mastercard ක්‍රෙඩිට් කාඞ්පත හඳුන්වා දෙමින්, බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමී පියවරක් ඉදිරියට තැබුවේය. දෘෂ්‍යාබාධිතයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ මෙම කාඩ්පත් එම පුද්ගලයන්ට පහසුවෙන් භාවිතයට ගත හැකිය. විවිධ ප්‍රජාවගේ අනන්‍ය අවශ්‍යතා හඳුනා ගනිමින්, මෙම ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව මිණුම් ලකුණකි.
ජනතා හද ස්පර්ශ කරන ව්‍යාපාර දැක්ම සමග පෙළගැසී, LOLC ෆිනෑන්ස් මූල්‍ය ක්ෂේත්‍රය දිනෙන් දිනකැපී පෙනෙන වර්ධනයක් පෙන්වයි. බ්‍රේල් ක්‍රෙඩිට් කාඩ්පත් මාලාව Pulse, Gold, Platinum, සහ World ලෙස හඳුන්වා දී ඇත. LOLC ෆිනෑන්ස් කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් කේන්ද්‍ර කර ගනිමින්, ස්වෛරී SWAIREE කාඩ්පත ද හඳුන්වා දී ඇත. බ්‍රේල් ක්‍රමයට සැකැසුණු මුල්ම SAVI කාඩ්පත දෘෂ්‍යාබාධිත රාජ්‍ය අංශයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා සකස් කර ඇත.
මෙම කාඩ්පත් ප්‍රතිලාභ සහ ත්‍යාග පිරිනැමීමෙන්, එදිනෙදා මූල්‍ය ගනුදෙනු සවිබල ගැන්වීමේ අත්දැකීම් බවට පරිවර්තනය කිරීමෙන් ප්‍රවේශ්‍යතාවෙන් ඔබ්බට යයි. දෛනික මිලදී ගැනීම්වල සිට සුවිශේෂී වරප්‍රසාද දක්වා, බ්‍රේල් සක්‍රීය කළ පරාසය සියලු පරිශීලකයන් සඳහා බාධාවකින් තොර මූල්‍ය ගමනක් සහතික කරයි. බ්‍රේල් ක්‍රමයට සැකසූ Braille-Enabled Mastercard ක්‍රෙඩිට් කාඞ්පත හඳුන්වා දෙමින් කළ මෙම මුලපිරීමත් සමඟ LOLC ෆිනෑන්ස් හි ප්‍රමුඛත්වය සහ මූල්‍ය සවිබල ගැන්වීම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන අතර, ප්‍රවේශ්‍යතාව ප්‍රමිතියක් මිස ව්‍යතිරේකයක් නොවන අනාගතයක් සඳහා මග පාදයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
LOLC ෆිනෑන්ස් වෙතින් ලංකාවේ ප්‍රථම බ්‍රේල් ක්‍රමයට සැකසූ ක්‍රෙඩිට් කාඩ්පතක්