IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


LMD සමීක්ෂණයේ සේවා විශිෂ්ටත්වයෙන් බැංකු අංශයේ ප්‍රමුඛයා කොමර්ෂල්

  • අඛණ්ඩව දෙවැනි අවස්ථාවටත් ප්‍රමුඛ තැන
  • ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට විසඳුම්දීමේ හැකියාව පෙන්නුම් කිරීමක්

LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ටත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි.  
LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවැනි වසරටය. 
මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන ලද මෙම සමීක්ෂණයට මෙවර ප්‍රතිචාර 4,100ක් ලැබී ඇත. සේවා සංවිධාන ක්ෂේත්‍ර 34 කින් සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් තමන් කැමැති සමාගම්වලට ඡන්දය ලබා දෙන මෙන් ප්‍රතිචාර දැක්වූවන් දැනුවත් කරන ලදී.  
කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා මෙසේ ප්‍රකාශ කළේය. වසර අවසන් කිරීමට මෙය හොඳ සම්මානයක් පාරිභෝගික සේවයට බැංකුව ප්‍රමුඛත්වය ලබාදෙන අතර එක් එක් ගනුදෙනුකරුවන්ගේ අදාළ අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි විසඳුම් සැපයීමට බැංකුව සතු හැකියාව ද ඊට ඇතුළත් වෙයි. මෙය අපගේ ශක්තීන්ගෙන් එකක් වන අතර සේවා සඳහා ඩිජිටල් ප්‍රවේශය වර්ධනය වන අවධියක වුවත් පාරිභෝගික සේවය අත්‍යවශ්‍ය අංගයක් ලෙස පවතී.
කොමර්ෂල් බැංකුවේ ව්‍යාපාරික උපාය මාර්ගයේ මූලික අංගයක් වන්නේ පාරිභෝගික විශිෂ්ටත්වයයි. බැංකුව සේවා සහ නිෂ්පාදන අඛණ්ඩව වර්ධනය කිරීම සඳහා පාරිභෝගික ප්‍රතිපෝෂණය උපයෝගී කරගන්නවා සේ ම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අපේක්ෂා කරමින් අතිශය පෞද්ගලික මූල්‍යමය විසඳුම් ලබා දීමට දත්ත විශ්ලේෂණය ද භාවිත කරනවා.  

 



අදහස් (0)

LMD සමීක්ෂණයේ සේවා විශිෂ්ටත්වයෙන් බැංකු අංශයේ ප්‍රමුඛයා කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site