
Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජීවමාල් ජයවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
සිය ගම් ප්‍රදේශයේ සුලභ ස්වාභාවික සම්පතක් වූ ඩොලමයිට් පිළිබඳව මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටියදී අධ්‍යයනය කළ ජීවමාල් ජයවර්ධන 1994දී කේෂර එන්ටර්ප්‍රයිසස් ඇරැඹීය. සේවකයන් දෙදෙනකු සමඟ ශ්‍රී ලංකාවේ පළමු වරට කුඩු කළ අළු හුණු නිෂ්පාදනය ඇරැඹූ ඔහු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කළේය. 2002දී පෞද්ගලික සමාගමක් බවට පත් වූ එම ආයතනයට 2004දී SLS තත්ත්ව සහතිකය හිමි විය.
එම සමාගමේ නිෂ්පාදන අතර කුඩු කළ අළු හුණු, ටයිල් ඇලවුම්, ස්කිම් කෝට්, ටයිල් මාස්ටර් ප්‍රධාන තැනක් ගනී. පසේ සාරවත් බව ඉහළ නංවන ඔවුන්ගේ ඩොලමයිට් පොහොරවලට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ඇත. කේෂර සන්නාමයෙන් තවත් නිෂ්පාදන රැසක් ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. වර්තමානයේදී විදේශීය වෙළෙඳපොළේද කේෂර නිෂ්පාදනවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඉහළ ප්‍රමිතිය සහ පාරිභෝගික තෘප්තිය සමාගමේ දියුණුවට හේතු වී ඇත. ඇසුරුම්කරණයේදී සහ බෙදා හැරීමේදී ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට සයිලෝ සහ බල්කර් ටැංකි භාවිත කරන එම සමාගම පරිසර හිතකාමී ක්‍රමවේද අනුගමනය කරයි. “වසර 30ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නාම අතරට එකතු වීම අප ලැබූ විශාල ගෞරවයක්. නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගැනීම අපගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක්. අපගේ සාර්ථක ගමනට දායක වන පාරිභෝගිකයන්ට, කාර්ය මණ්ඩලයට සහ බෙදා හැරීමේ නියෝජිතයන්ට මම ස්තූතිවන්ත වෙනවා.” ජයවර්ධන මහතා පැවැසුවේය.
2025 නොවැම්බර් මස 04
207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2076
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Keshara Lime සමාගමට කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන