Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට කැලණි වැලි කැනරීස් සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පලතුරු ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩයේ හොඳම සන්නාමය” ලෙස සම්මානයට පාත්‍රව, මේ වසරේ පැවැති සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” ලෙස අඛණ්ඩව දෙවැනි වරටත් Pinnacle Sri Lanka Awards කීර්තිමත් සන්නාම අතර ගෞරවයට පත්වූ KVC සන්නාමය පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ ජනාධිපති අපනයන සම්මාන ඇතුළු ගෞරව සම්මාන රැසකට හිමිකම්කීමට සමත්ව ඇත.
1968 වසරේ සිට ශ්‍රී ලංකාවේ ආහාර සැකසුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළ ආහාර සැකසුම් ආයතනයක් ලෙස ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනා සිටින කැලණි වැලි කැනරීස් සමාගම පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාර සංස්කෘතියක් මුල්කරගනිමින් KVC සන්නාමය යටතේ උසස් තත්වය හා නව්‍යකරණය මුසුවූ නිෂ්පාදන රැසක් දෙස් විදෙස් වෙළෙඳපොළට නිකුත් කරයි. සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ සාමාජිකයකු වන KVC නිෂ්පාදනය, අලෙවිකරණය හා පලතුරු සහ එළවළු අපනයන ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමකි.
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක හේමක අමරසූරිය මහතා Pinnacle Sri Lanka Awards 2024 සම්මානය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “මෙම සම්මානය KVC පවත්වාගෙන ආ පාරම්පරික විශිෂ්ටත්වය වත්මන් පරපුරට විදහා දැක්වූ අවස්ථාවක්. අපේ හෘදයාංගම පාරිභෝගිකයන්, විශිෂ්ටත්වය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන KVC කාර්ය මණ්ඩලය සහ අප කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන සියලු ආයතනික පාර්ශ්වකරුවන් සියලුදෙනා නොවන්නට අපට මෙම සම්මානය හිමිවන්නේ නැහැ, ඒ සියලු දෙනාට මගේ ගෞරවය මේ මොහොතේ පිරිනමනවා. අපි එකමුතුව ඉදිරියටත් හොඳම දේ හොඳම විදිහට කරමු.”
KVC ආහාර සැකසුම් කටයුතු ආරම්භයේ සිට අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා නැවුම්බව හා උසස් තත්වය රැකගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියේ අතිනවීන යන්ත්‍ර සූත්‍ර තාක්ෂණ ක්‍රමවේදයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කෙරෙන තත්ව පාලන ක්‍රමවේදයක් භාවිත කරනු ලබයි. KVC සන්නාමය ISO 22000:2018, GMP, HACCP සහ SLS දෙස් විදෙස් ප්‍රමිති සහතික හරහා සහතික කළ විශිෂ්ට ආහාර සැකසුම් කුමවේදයක් පවතී. උතුරු ඇමරිකාව, බටහිර යුරෝපය හා ඈත පෙරදිග රටවල් රැසක වෙළෙඳපොළ ආවරණය කරමින් යුරෝපය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, මැදපෙරදිග හා ඇමරිකා එක්සත් ජනපදය වෙතද සිය නිෂ්පාදන අපනයනය කරමින් KVC සන්නාමය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික කීර්තියක් අත්කරදී ඇත.
KVC සන්නාමයේ නිෂ්පාදන පෙළ යටතේ ටින් කළ පලතුරු සහ එළවළු, චට්නි, කෝඩියල්, පලතුරු යුෂ, ජෑම්, නෙක්ටා, පේස්ට්ස්, සම්බල් වර්ග, සෝස් වර්ග, පැණි වර්ග සහ විනාකිරි කැපීපෙනෙයි.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
KVC අඛණ්ඩව දෙවැනි වරටත් Pinnacle සම්මානයට පාත්‍රවෙයි