
ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කරගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. කර්මාන්ත වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන් වූ එම උත්සවය සඳහා මෙරට බැංකු හා තාක්ෂණ වෘත්තිකයන් රැසක් ඊට එක්ව සිටියහ.
පසුගිය නොවැම්බර් මාසයේදී සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වනු ලැබූ එම විශේෂ හමුව ATM නවෝත්පාදන වැඩමුළුවකින් මෙන්ම ව්‍යාපාරික සමුළුවකින්ද සමන්විත වූ අතර ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයෙන් සකස් කළ සංවාද ද එහිදී පැවැත්විණ. එම සංවාදවලදී ඩිජිටල් පරිවර්තනය, සංවර්ධනය කරන ලද යටිතල පහසුකම් සහ නවීකරණය කරන ලද ස්වයං සේවා ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරී අරවින්ද අතුකෝරල මහතා මෙසේ සඳහන් කර සිටියේයග “ශ්‍රී ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල පැවැත්ම හා ගෙවීම්වල ආරක්ෂාව නව්‍යකරණය කිරීම සඳහා සුවිසල් අවබෝධයක් KAL සතුව තිබෙනවා. ඒ සඳහා ඉදිරි වසරේදී කොළඹ නගරයේ කාර්යාලයක් ආරම්භ කිරීමට අපි ආයෝජනය කර තිබෙනවා. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කර්මාන්තයේ අනාගතය පිළිබඳ පුළුල් සංවාදයන් සඳහා අවස්ථාව ලබා දෙමින් ශ්‍රී ලංකාවේ බැංකු හා තාක්ෂණ අංශය ඇගයීමට ලක් කිරීම සඳහා Flix11 සමග එක්ව මෙම විශේෂ හමුව පැවැත්වීමට අපි කටයුතු කළා.’
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා මූල්‍ය ප්‍රවේශය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල වැදගත්කම සහ මෙරට සමාජයේ මුදලේ කල් පැවැත්ම පිළිබඳව අදහස් දක්වමින් මෙහිදී සමාරම්භක දේශනය පවත්වන ලදී.
අරවින්ද මහතා විසින් බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සහ තාක්ෂණ ප්‍රවීණයන් සමගින් විද්වත් සාකච්ඡාවක් මෙහෙයවූ අතර එහිදී ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ප්‍රවණතා, අභියෝග හා අවස්ථා පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා වෙළෙඳපොළ සූක්ෂමතා ගවේෂණය පිළිබඳ සාකච්ඡාවට ලක් විය. මුදල් භාවිතය, සම්බන්ධතා රහිත ඒකාබද්ධතාව සහ ඒ ඒ පුද්ගලයාට ගැළපෙන පාරිභෝගික අත්දැකීම් වැනි මාතෘකා මෙම සැසියට ඇතුලත් විය.
මීට සහභාගී වූ නියෝජිතයන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, පාරිභෝගික ටෙලර් යන්ත්‍ර (RTM&) සහ POS වැනි යන්ත්‍ර සඳහා යොදා ගන්නා මෘදුකාංගලවල සජීවී නිරූපණයන් දැක ගැනීමටද හැකියාව උදා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd