IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


John Keells Logistics සහ SoftGallery සහයෝගිතාවයක්

මානව සම්පත් තාක්ෂණයේ දියුණුවට මාර්ගයක්
පුළුල් මානව සම්පත් Payroll සහ ව්‍යවසායකත්ව මෘදුකාංග විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම සැපයුම්කරුවකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවැනි පාර්ශවීය සැපයුම්කරුවකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව දියත් කිරීම පිළිබඳ පසුගියදා නිවේදනය කළේය. 
මෙම සුවිශේෂ ජයග්‍රහණය ඔස්සේ අන්තර්ජාතික මට්ටමේ මානව සම්පත් විසඳුම් ලබා දීමට මෙන්ම විවිධ කර්මාන්තවල ගනුදෙනුකරුවන් සමඟ මනා හවුල්කාරිත්ව ආරම්භ කිරීම වෙනුවෙන් SoftGallery හි කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.
GalleryHR ක්‍රියාවට නැංවීම ඔස්සේ මේ වන විටත් John Keells Logistics (PVT) LTD (JKLL) විවිධ කර්මාන්ත ඔස්සේ බාධාවකින් තොරව නිවැරදි සැපයුම් දාම කළමනාකරණ සේවා සැපයීමේ හැකියාව ඔප්පු කරමින් සැලකිය යුතු වටිනාකමක් ලබාගෙන සිටියි.
SoftGallery හි ප්‍රවීණතාව සහ ඒ ඔස්සේ ලැබෙන විසඳුම් ඔස්සේ JKLL හි මානව සම්පත් ක්‍රියාවලි විධිමත් කිරීම, එහි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ධනාත්මක ව්‍යාපාරික ප්‍රතිඵල රැගෙන ඒමෙන් අනාගත කටයුතු වැඩිදියුණු කිරීම සඳහා පදනම සකස් කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් SoftGallery හි ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය. John Keells Logistics සමඟ ආරම්භ කළ මෙම සාර්ථක සහයෝගීතාව පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙම කටයුතු සජීවීව පවත්වාගෙන යාම සහ එහි මෘදු බව සහතික කිරීම සඳහා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුසිත් ද සිල්වා මහතා ප්‍රමුඛ අප කණ්ඩායම මනා කැපවීමකින් යුතුව ක්‍රියා කළා. සියලු‍ම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ගැළපෙන විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉහළ පෙළේ සමාගම් සමඟ වැඩ කිරීමට අපට ඇති හැකියාව මෙම ජයග්‍රහණයෙන් මැනවින් ප්‍රදර්ශනය වෙනවා.
සුසිත් ද සිල්වා මහතා මේ පිළිබඳ සිය අදහස් එකතු කළේ මෙසේය.“ අප ආයතනයේ නායකත්වයේ ශක්තිය සහ අපව ඉදිරියට රැගෙන යන දක්ෂ කණ්ඩායම මෙම සහයෝගීතාව ඔස්සේ පිළිබිඹු වෙනවා. ඒ වගේම John Keells Logistics සඳහා ප්‍රබල ප්‍රතිඵලයක් අත්කර දෙමින් ඉදිරි කටයුතු වඩාත් සාර්ථක කර ගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”‍
“අඛණ්ඩව මෙහෙයුම් කාර්යක්ෂමතාව පවත්වා ගනිමින් සේවා පිරිනැමීම් ඉහළ නැංවීමට JKLL හි අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා. අපගේ ගමනේ වැදගත් පියවරක් ලෙස මෙම  ඒකාබද්ධ කිරීම සඳහන් කළ හැකි අතර අපි මේ වන විටත් එහි සාර්ථක ප්‍රතිඵල ලබමින් සිටිනවා. ඒ වගේම අපගේ මානව සම්පත් කටයුතු සවිමත් කිරීමට සහ තිරසාර සාර්ථකත්වයක් කරා ළඟා වීම සඳහා SoftGallery හි විශේෂඥතාව තවදුරටත් ඉවහල් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.”‍ යනුවෙන් මේ පිළිබඳ අදහස් දක්වමින් John Keells Logistics හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත මංචනායක මහතා ප්‍රකාශ කළේය. 
මෙම නව යෙදවුම සමඟින් SoftGallery සහ John Keells Logistics යන ආයතන ද්විත්වයෙහිම නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් වේ.මෙම සහයෝගීතාව ඔස්සේ මානව සම්පත් තාක්‍ෂණයේ දියුණුව ඉදිරියට රැගෙන යාමේ අවස්ථාව SoftGallery වෙත උදාවන අතර නව සන්ධිස්ථානයක් කරා ළඟාවීමට අවශ්‍ය උසස් විසඳුම් සමඟ JKLL සවිබල ගන්වනු ඇත.



අදහස් (0)

John Keells Logistics සහ SoftGallery සහයෝගිතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site